බාලවයස්කරුවන්ට ටික්ටොක් දිනකට පැයයි

බාලවයස්කරුවන්ට ටික්ටොක් සමාජ ජාලය තුළ ගතකල හැකි කාලය දිනකට පැයකට සීමා කර තිබෙනවා.

ඒ අනුව තවත් සති කිහිපයක් තුළ හඳුන්වාදීමට නියමිත මෙම සංශෝධනය යටතේ අවුරුදු 18 ට අඩු ඕනෑම ටික්ටොක් පරිශීලකයෙකුට පැය 24 ක් තුළ එහි ගත කල හැකි වන්නේ විනාඩි 60 ක කාලයක් පමණයි.

කෙසේවෙතත් අවශ්‍යතාවය සහිත අයෙකුට මෙම සීමාව වෙනස් කරගත හැකි අතර දිනකට විනාඩි 100 ඉක්මවා ගතකලහොත් රහස් කේතයක් ඇතුළත් කර නැවතත් සේවාව ලබාගත හැකි වනවා.

මේ අතර දෙමව්පියන්ගේ ටික්ටොක් ගිණුම් සහ දරුවන්ගේ ටික්ටොක් ගිණුම් ඒකාබද්ධ කිරීමටද අවධානය යොමුවී තිබෙනවා.

ඒ අනුව දරුවන්ට ටික්ටොක් සමාජ ජාලය රැඳී සිටිය හැකි කාලය පාලනය කිරීමේ බලය දෙමව්පියන්ට පැවරීමටද නියමිතයි.

වර්තමානයේදීත් අවුරුදු 13-15 අතර පරිශීලකයන්ට රාත්‍රී 09 න් පසු ටික්ටොක් Notifications ලැබෙන්නේ නැහැ.

ඇමරිකා ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ වෙනසක්

පසුගිය කාර්තුව පුරාවට එක්සත් ජනපද ඩොලරය හමුවේ ශ්‍රී ලංකා රුපියල අඛණ්ඩ අතිප්‍රමාණය වීමක් පෙන්නුම් කළ ද එම ප්‍රවණතාවය යම්තාක් දුරකට වෙනස් වී තිබෙනවා.

Read More »

මෙල්බන් කාය වර්ධන තරගාවලියකින් ශ්‍රී ලාංකිකයෙක් පළමු තැනට

කාය වර්ධන ජාත්‍යන්තර සම්මේලනයේ IFBB Pro League Melbourne තරඟාවලියෙන් ශූරතාවය හිමිකර ගැනීමට ශ්‍රී ලංකික සිසුවෙක් වන ලක්රුවන් බණ්ඩාර සමත්වී තිබෙනවා.

Read More »

බාලි වෙත යන ඔස්ට්‍රේලියානුවන්ට ශ්‍රී ලංකාව ගැනත් සිහි කරමින් අනතුරු ඇඟවීමක්

සංචාරකයින් අතර ඩෙංගු උණ පැතිර යාමේ වර්ධනයක් පැවතීම හේතුවෙන් ඩෙංගු පිළිබඳ අවධානයෙන් පසුවන ලෙසට ඉන්දුනීසියාවේ බාලි වෙත යාමට සැලසුම් කර ඇති ඔස්ට්‍රේලියානුවන්ගෙන් සෞඛ්‍ය අංශ ඉල්ලීමක් කරනවා.

Read More »

ඔස්ට්‍රේලියානු කම්කරුවන්ට පඩිත් එක්ක වැඩි වැටුප් ගන්න නව යෝජනාවක්

ඔස්ට්‍රේලියානු කම්කරුවන්ට අර්ධ වැටුප් යටතේ වැඩි නිවාඩු ලබා ගැනීමට හැකි නව යෝජනාවක් ඔම්බුට්ස්මන් කාර්යාලය වෙත ඉදිරිපත් කර තිබෙනවා.

Read More »