මෙල්බන් ට්‍රෑම් රථයක පසුපස එල්ලී ගමන් කල දෙදෙනෙකු සොයා විමර්ශන

මෙල්බන් නගරයේ ට්‍රෑම් රථයක පසුපස එල්ලී ගමන් කල දෙදෙනෙකු සොයා පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

St.Kilda හි සිට ඊයේ පස්වරු 06.41 ට ගමන් ආරම්භ කල අංක 16 දරන ට්‍රෑම් රථයේ ඔවුන් දෙදෙනා මෙලෙස එල්ලී ගමන් කර ඇති බව සඳහන්.

මෙම ක්‍රියාවේ අවධානම් සහගත ස්වභාවය සළකා බලා මෙම දෙදෙනාට එරෙහිව පියවරක් ගැනීමටයි වික්ටෝරියා ප්‍රාන්ත පොලිසිය තීරණය කර ඇත්තේ.

මෙරට නීතියට අනුව ට්‍රෑම් රථයක අපරීක්ෂාකාරී අන්දමින් ගමන් කරන වැඩිහිටි අයෙකුට ඩොලර් 462 ක සහ බාලවයස්කරුවෙකුට ඩොලර් 92 ක දඩයක් පැණවිය හැකියි.

https://www.9news.com.au/national/melbourne-tram-surfing-men-video/6ed4f636-244b-411b-b9bf-f9b4ed12f84a

මහ සයුර මැද අසාධ්‍ය වූ ධීවරයා බේරා ගත් හෙලිකොප්ටර් මෙහෙයුම

ධීවර කටයුතුවල නිරත වෙමින් සිටියදී සාගරයේ සිටින සර්ප විශේෂයක දෂ්ඨනයක් හේතුවෙන් අසාධ්‍ය තත්වයට පත්වූ ධීවරයෙකු ප්‍රතිකාර සඳහා හෙලිකොප්ටර් මගින් ගොඩබිම වෙත රැගෙන විත් තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයට ගේන්න ගිය මුදල් තොගය මග නතර වෙයි

ගෝල්ඩ් කෝස්ට් සිට මිල්ජුරා (Mildura) දක්වා ගමන් කිරීමට නියමිතව තිබූ ගුවන් යානයකට ඩොලර් 830,000ක මුදල් රැගෙන යාමට උත්සාහ කළ බව කියන පුද්ගලයෙක් ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »