
නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත ඉතිහාසයේ වැඩිම පිරිසක් මුහුදේ ගිලී මියගිය ග්‍රීෂ්ම සෘතුව බවට මෙවර පත්වී තිබෙනවා.
මරණ 28 ක් එලෙස සටහන්වී ඇති බව සඳහන්.
2022/23 කාලසීමාවේදී සමස්ත රට පුරා වාර්තා වී ඇති සාගර ජලයේ ගිලීම් මරණ සංඛ්‍යාව 54 ක්.

එය වසර 10 ක සාමාන්‍යයට වඩා සියයට 14 ක ඉහළයාමක් ලෙසයි සටහන් වන්නේ.
මෙයින් සියයට 81 ක්ම පුරුෂයන් වනවා.

පසුගිය දෙසැම්බර් 01 වනදා සිට ඊයේ එනම් පෙබරවාරි 28 වනදා දක්වා කාලය තුළ දියේ ගිලීම් අතුරින් 6,000 කට වැඩි පිරිසක් බේරාගෙන තිබුණා.