Search

ඔස්ට්‍රේලියානුවන් පදිංචිවීමට කැමතිම නගර 05 න් 04 ක්ම ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයට

අභ්‍යන්තර සංක්‍රමණයේදී ඔස්ට්‍රේලියානුවන් වැඩිම පිරිසක් පදිංචිවීමට කැමති නගර අතර මුල් ස්ථාන 05 න් 04 ක්ම ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයට අයත්වී තිබෙනවා.

වැඩිම කැමැත්ත සහිත නගරය බවට පත්වී ඇත්තේ ක්වීන්ස්ලන්ඩ් හි සන්ෂයින් කෝස්ට් නගරයයි.

දෙවන ස්ථානයද ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තය විසින්ම හිමිකරගෙන ඇත්තේ ගෝල්ඩ් කෝස්ට් නගරය සඳහායි.

වික්ටෝරියා හි ජීලොන්ග් නගරය මෙම ශ්‍රේණිගත කිරීමෙහි 03 වන ස්ථානයට පත්වී තිබෙනවා.

04 වන ස්ථානය ක්වීන්ස්ලන්ඩ් හි බන්ඩබර්ග් නගරයත් – 05 වන ස්ථානය ක්වීන්ස්ලන්ඩ් හි ෆ්‍රේසර් කෝස්ට් නගරය විසිනුත් ලබාගෙන ඇති බවයි නවතම වාර්තාවක දැක්වෙන්නේ.

නිවාස මිළ ගණන් ඇතුලු වියදම් අවම වීම හමුවේ ඔස්ටේ්‍රලියානුවන් කලාප වෙත සංක්‍රමණය ඉහළගොස් ඇති බවයි මෙම වාර්තාවේ සඳහන් වන්නේ.