පාසල්වල ජංගම දුරකථන තහනම සම්බන්ධයෙන් දෙමව්පියන් දැනුවත් කිරීම සඳහා ඩොලර් මිලියනයකට ආසන්න මුදලක් වැය කිරීමට දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්ත රජය සූදානම් වනවා.
අගෝස්තු මාසය අවසන් වන තුරු ප්‍රාන්තය පුරා විවිධ දැන්වීම් පුවරු මගින් අදාළ ප්‍රචාරණ වැඩපිළිවෙල ක්‍රියාත්මක කෙරෛනු ඇති.
දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ උසස් පාසල්වල අධ්‍යයන කාලය තුළ ජංගම දුරකථන තහනමක් මේ වනවිට අධියර වශයෙන් ක්‍රියාත්මකයි.
එය 03 වන වාරය අවසානය වනවිට සියලුම පාසල්වල ක්‍රියාත්මක කිරීමටයි ප්‍රාන්ත රජය සැළසුම් කරමින් සිටින්නේ.
මේ සඳහා සියලු දෙමව්පියන්ගේ සහාය ලබාගැනීමේ අරමුණ ඇතිවයි ඩොලර් ලක්ෂ 09 කට අධික මුදලක් වැය කර දැවැන්ත ප්‍රචාරණ ක්‍රියාවලියක් ආරම්භ කිරීමට පියවර ගෙන ඇත්තේ.