ජනප්‍රිය ගායක ජස්ටින් බීබර් විසින් මෙම වසරේදී ඔස්ට්‍රේලියාවේදී සහ නවසීලන්තයේදී පැවැත්වීමට නියමිතව තිබු සංගීත ප්‍රසංග අවලංගු කර තිබෙනවා.
ප්‍රවේශපත්‍ර මිළදීගත් සියල්ලන්ට අද දිනයේදී ඒ බව ඊ-මේල් මාර්ගයෙන් දැනුම්දී ඇති බවයි ප්‍රසංග සංවිධායකයන් නිවේදනය කලේ.
ප්‍රවේශපත්‍ර සඳහා වන මුදල් හැකි ඉක්මණින් ආපසු ගෙවන බවද එහි සඳහන්.
ජස්ටින් බීබර් විසින් සිය ඔස්ට්‍රේලියානු ප්‍රසංගය පසුගිය දෙසැම්බර් මාසයේදී පැවැත්වීමටයි පළමුවෙන් සැළසුම් කර තිබුණේ.
කෙසේවෙතත් හදිසි රෝගී තත්වයක් හේතුවෙනුයි එය මෙම වසර දක්වා කල් දමනු ලැබුවේ.