
2022 වසරේ අවසාන මාස 03 තුළදී ඔස්ට්‍රේලියා ආර්ථිකයේ වර්ධන වේගය අපේක්ෂා කල මට්ටමට වඩා පහළ අගයක් ගෙන තිබෙනවා.
සංඛ්‍යාලේඛණ කාර්යාංශය අද නිකුත් කල නවතම දත්තවල දැක්වෙන්නේ එය සියයට 0.5 ක් ලෙස සටහන්වී ඇති බවයි.
සමස්ත 2022 වසර සැළකිමේදී ඔස්ට්‍රේලියා ආර්ථිකයේ වර්ධන වේගය සියයට 2.7 ක් ලෙස පැවතී තිබෙනවා.

ගෝලීය බලපෑම් රැසක් හමුවේ වුවද ආනයන පහළයාමත් අපනයන ඉහළ ගොස් තිබීමත් හමුවේ ඔස්ට්‍රේලියා ආර්ථිකය කඩා නොවැටී පවතින බවයි මෙම දත්ත අනුව පෙනී යන්නේ.
මේ අතර ජනවාරි මාසයේදී ජාතික පාරිභෝගික මිළ දර්ශකය සියයට 7.4 ක් ලෙස වාර්තා වී තිබෙනවා.

එය දෙසැම්බර් මාසයේදී සටහන් වී තිබුණේ සියයට 8.4 ක් ලෙසයි.