ඔස්ට්‍රේලියානු ළමුන් ආහාර – සපත්තු – ඇඳුම් – සංචාර අතපසු කරයි

ජීවන වියදම ඉහළයාම හමුවේ ඔස්ට්‍රේලියානු දරුවන් අතුරින් අඩකට ආසන්න පිරිසක් පසුගිය මාස 12 තුළදී තුමන හෝ අත්‍යවශ්‍ය යමක් අතපසුකර ඇති බව නවතම අධ්‍යයනයකදී අනාවරණය වී තිබෙනවා.

මෙම සමීක්ෂණයට සහභාගීවූ දෙමව්පියන්ගෙන් 1/10 ක් පවසා ඇත්තේ පසුගිය වසරේ අවස්ථා කිහිපයකදි ආහාර නොමැතිව සිය දරුවන් පාසල් යැවීමට සිදුවූ බවයි.

නව ඇඳුම් මිළදී ගෙන දීමට නොහැකි වූ බවට අදහස් දක්වා ඇති ප්‍රතිශතය සියයට 17 ක්.

නිවාඩුවක් ගත කිරීම අතපසු කල පිරිස සියයට 27 ක් වන අතර පාසල් බාහිර ක්‍රියාකාරකම් අවලංගු කර ඇති ප්‍රතිශතය සියයට 18 ක් ලෙස තක්සේරු කර තිබෙනවා.

උකස් ණය – නිවාස කුළී – අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුලු අංශ රැසක මිළ ගණන් කැපී පෙනෙන ලෙස ඉහළයාම මීට මූලික වශයෙන් බලපා තිබෙනවා.

මේ අතර ඔස්ට්‍රේලියානු ළමුන් 761,000 ක් පමණ දරිද්‍රතා රේඛාවට පහළින් දිවි ගෙවන බවටද අනාවරණය වනවා.

දරුවන් දෙදෙනෙකු සිටින දෙමව්පියන් අතුරින් එක් අයෙකු සතියකට උපයන මුදල ඩොලර් 489 ක් හෝ දෙදෙනාම උපයන මුදල ඩොලර් 1027 ට වඩා අඩුනම් එය දරිද්‍රතා රේඛාවට පහළින් සිටීමක් ලෙසයි සැළකෙන්නේ.

රෝගී සැමියා අවසන් ගමන් යවන්න හැදූ බිරිඳට වැඩ වරදී

ඩිමෙන්ශියා රෝගයෙන් පෙළුණු තම සැමියා එන්නතක් ශරීර ගත කර ඝාතනයට තැත් කළ කාන්තාවක් පිළිබඳ පුවතක් බටහිර ඔස්ට්‍රේලියාවෙන් වාර්තා වනවා.

Read More »

තරුණයන්ට දුම් පානය කිරීමට නොහැකි වෙන නව නීතියක්

2009 වසරෙන් පසු උපත ලැබූ ඕනෑම අයෙකුට දුම්පානය තහනම් කිරීමට නීති සම්පාදනය කෙරෙන පනත් කෙටුම්පතට එක්සත් රාජධානියේ නීති සම්පාදකයින් සහාය දක්වා තිබෙනවා.

Read More »

අවුරුදු ගීතයක් විකෘති කළ රාජ්‍ය සේවකයෙක් අත්අඩංගුවට

ප්‍රවීණ ගායන ශිල්පී රෝහණ බැද්දගේ ශුරීන්ගේ අලුත් අවුරුදු ගීතයක් විකෘත කිරීමේ චෝදනා මත සුරාබදු නිලධාරියෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

තමාම නිර්මාණය කර ගත් සොහොන් බිමේ අවසන් ගමන් යන පාලිත තෙවරප්පෙරුම

අභාවප්‍රාප්ත හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුමගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන සෙනසුරාදා ඔහු විසින්ම නිර්මාණය කර ගත් සුසාන භූමියේදී සිදු කිරීමට නියමිත බව පවුලේ ඥාතීන් පවසනවා.

Read More »

කාන්තාවන්ගේ මූලික අවශ්‍යතාවයක් බදුවලින් නිදහස් කරන්නැයි ඉල්ලීම්

බ්‍රිතාන්‍ය කාන්තාවන්ගේ යට ඇඳුම් සහ සනීපාරක්ෂක තුවා සඳහා බදු මුදල් අය කිරීම සාධාරණ නොවන බවට සමාජ කතිකාවක් නිර්මාණය වී තිබෙනවා.

Read More »