වැඩිම Passwords සොරාගනු ලැබු රටවල් අතරට ඔස්ට්‍රේලියාවත්

පසුගිය වසර 05 තුළදී වැඩිම මුරපද (Passwords) සොරාගනු ලැබු රටවල් අතරට ඔස්ට්‍රේලියාවද ඇතුළත්ව තිබෙනවා.

2018 වසරේ සිට මේ දක්වා පුද්ගලයන් ලක්ෂ 50 කගේ පමණ විවිධ ගිණුම්වලට අයත් මුරපද මිලියන 27 ක් පමණ සොරා ගැනීම්වලට ලක්ව ඇති බව සඳහන්.

ගූගල් ගිණුම් 720,000 ක – මයික්‍රොසොෆ්ට් ගිණුම් 654,000 ක සහ ෆේස්බුක් ගිණුම් 647,000 ක්ද ඒ අතර වන බවටයි අනාවරණ වී ඇත්තේ.

එක් ගිණුමක පුද්ගලික දත්ත වෙනත් පාර්ශවයක් වෙත අලෙවි කිරීමේ සාමාන්‍ය ඩොලර් 06 ක් බවටද තක්සේරු කර තිබෙනවා.

කෙසේවෙතත් ඇතැම් අතිශය සංවේදී තොරතුරු ඩොලර් 6,000 ක් වැනි ඉහළ අගයන්ට පවා අලෙවි වන බවටද වාර්තා පළවී තිබෙනවා.

මෙල්බන් උතුරු ප්‍රදේශයේ පාසල් බස් රථ අනතුරින් එක් අයෙක් ජීවිතක්ෂයට

මෙල්බන් උතුරු ප්‍රදේශයේ කිල්මෝර්හිදී අසම්ප්ෂන් විද්‍යාලයේ සිසුන් රැගත් පාසල් බස් රථය අනතුරට ලක්වීමෙන් රියදුරු මිය ගොස් සිසුවෙකු තුවාල ලබා තිබෙනවා.

Read More »

මගීන් සමග ගමන් කරමින් තිබූ ගුවන් යානයකට ෆ්ලෙමින්ගෝ ප්‍රහාරයක්

ඉන්දියාවේ මුම්බායි දක්වා පැමිණෙමින් තිබූ එමිරේට්ස් සමාගමට අයත් ගුවන් යානයක් ෆ්ලෙමින්ගෝ පක්ෂීන් රංචුවක ගැටී ඇතැයි වාර්තා වනවා.

Read More »