ඔස්ට්‍රේලියා ගුවන් මගී පාරිභෝගික නීති ශක්තිමත් නොමැති බවට චෝදනා

ගුවන් මගීන් සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියාව තුළ ක්‍රියාත්මක පාරිභෝගික නීති ශක්තිමත් නොමැති බවට චෝදනා එල්ල වනවා.

ගුවන් ගමන් අවලංගු කිරීම් හෝ ප්‍රමාද කිරීම්වලදී මගීන්ට වන්දි මුදල් හිමිවන නිසි ක්‍රමවේදයක් මෙතෙක් ක්‍රියාත්මක නොමැති බව සඳහන්.

අමෙරිකානු නීතියට අනුව ගුවන් ගමන් අවලංගු කිරීමකදී සතියක් තුළ අදාළ ගුවන් ප්‍රවේශ පත්‍රයේ මුදල් ආපසු ගෙවිය යුතු වනවා.

යුරෝපා සංගමය තුළද එවැනිම නීති බලාත්මක වන අතර ඇතැම් අවස්ථාවලදී යුරෝ 600 ක උපරිමයකට යටත්වන වන්දි මුදලක්ද ලබාදිය යුතුයි.

ඔස්ට්‍රේලියානු නීතියට අනුව සැළකිය යුතු කාලයකදී වෙනත් ගුවන් ගමනකට යොමුකල නොහැකි නම් පමණක් මුදල් ආපසු ගෙවීම සිදුකල යුතු අතර ඒ සම්බන්ධයෙන් පැහැදිලි අර්ථකථනයක් මෙතෙක් ප්‍රකාශයට පත් කර නැහැ.

කොවිඩ් වසංගතයෙන් පසු ඔස්ට්‍රේලියානු ගුවන් සමාගම් අධික ලාභ ලබන බවත් ගුවන් මගීන්ගේ පාරිභෝගික ආරක්ෂාවට ශක්තිමත් නීති පද්ධතියක් සකස් කල යුතු බවත් පාරිභෝගික සංවිධාන අවධාරණය කරනවා.

ඔස්ට්‍රේලියා වීසා හිමියන්ට ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්

ලබන 30 වනදායින් වීසා කාලය අවසන් වන සංක්‍රමණිකයන්ට ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව දැනුම්දීමක් සිදු කර තිබෙනවා.

Read More »

ඩේවිඩ් වෝනර් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගනී

ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ආරම්භක පිතිකරුවෙකු වන සුපිරි ක්‍රීඩක ඩේව්ඩ් වෝනර් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ e-දුම්වැටි නීතිවල මතබේධාත්මක වෙනසක්

ඔස්ට්‍රේලියාවේ ඉලෙක්ට්‍රොනික දුම්වැටි සම්බන්ධයෙන් පවතින නීතිවල වෙනස්කම් කිහිපයක් අදියර දෙකක් යටතේ සිදු කිරීමට සැලසුම් කර තිබෙනවා.

Read More »