කැනඩාවේත් ටික්-ටොක් තහණමක්

රජය විසින් නිකුත් කරන ලද සියලුම උපාංගවලින් ටික්ටොක් යෙදවුම භාවිත කිරීම තහනම් කිරීමට කැනඩාව පියවර ගෙන තිබේ.

අද (28) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි එම තීරණය ගෙන ඇත.

පෞද්ගලිකත්වය සහ ආරක්ෂාව සඳහා පිළිගත නොහැකි මට්ටමේ අවදානමක් පවතින බැවින් එම තීරණය ගෙන ඇත.

අමෙරිකා එක්සත් ජනපදය ද ෆෙඩරල් සේවකයින්ට පසුගිය වසර අගභාගයේදී ටික්ටොක් භාවිතය තහනම් කළ අතර පසුගිය සඳුදා දිනයේ ඔවුන්ගේ රජයේ ආයතනවල අදාළ යෙදුම ඉවත් කිරීම සඳහා දින 30ක කාලයක් ලබාදී තිබේ.

මීට අමරතව යුරෝපා කොමිසමේ සේවකයින් සඳහා ද මාර්තු මස 15 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි ටික්ටොක් යෙදුම තහනම් කිරීමට පියවර ගෙන ඇත.

සිඩ්නි දේවස්ථානයේ පිහි ඇනුම ගැන තොරතුරු හෙළිවෙයි

සිඩ්නි හි නිරිතදිග ප්‍රදේශයේ දේවස්ථානයකදී බිෂොප්වරයෙකු ඇතුලු 4 දෙනෙකුට තුවාල සිදු වූ පිහි ඇනුම සම්බන්ධයෙන් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

හිටපු ඔස්ට්‍රේලියානු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයෙක් රක්ෂිත බන්ධනාගාරයට

හිටපු ඔස්ට්‍රේලියානු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක මයිකල් ස්ලේටර් ගෘහස්ත හිංසනයට අදාළ වැරදි කිහිපයක් සම්බන්ධයෙන් වූ චෝදනා මත පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

රුධිරය පරිත්‍යාග කරන්නැයි ඔස්ට්‍රේලියානුවන්ගෙන් ඉල්ලීමක්

බොන්ඩායි ජන්ෂන්හි සිදු වූ පිහි ඇනුම හේතුවෙන් රුධිරය පරිත්‍යාග කරන ලෙස ඔස්ට්‍රේලියානු රතු කුරුස සංවිධානය විසින් ඉල්ලීමක් ඉදිරිපත්ති කර තිබෙනවා.

Read More »

අතුරුදන් වෙන්න යන දූපත් සමූහයක් රැක ගන්න ඔස්ට්‍රේලියානු ඉංජිනේරුවෙක් පෙරට එයි

ඔස්ට්‍රේලියාව සහ හවායි අතර පිහිටි කුඩා දූපත් නවයකින් සැදුම්ලත් ටුවාලු රාජ්‍ය වසර 50ක් ඇතුළත අතුරුදහන් වනු ඇතැයි පුරෝකථනය කර තිබෙනවා.

Read More »