Search

කැස්සට ඔස්ට්‍රේලියාව පුරා අලෙවි කරන ඖෂධ 55 ක් ආපසු කැඳවයි

කැස්ස සඳහා ඔස්ට්‍රේලියාව පුරා අලෙවි කරන ඖෂධ වර්ග ගණනාවක් ආපසු කැඳවීමට ඖෂධ පරිපාලන අධිකාරිය (TGA) පියවර ගෙන තිබෙනවා.

pholcodine අඩංගු නිෂ්පාදන 55 ක් ඒ අතර වන බව සඳහන්.

පසුගිය මාස 12 තුළදී pholcodine අඩංගු නිෂ්පාදනයක් ගත් කවරෙකු හෝ වෙතොත් වහාම සෞඛ්‍ය විශේෂඥයෙකු වෙත යොමුවන ලෙසයි ඖෂධ පරිපාලන අධිකාරිය දන්වා සිටින්නේ.

සාමාන්‍ය සෙම්ප්‍රතිශ්‍යාව සඳහා වෛද්‍යවරුන් විසින් නිර්දේශ කරන ඖෂධ ද මේ අතර වනවා.

අදාළ සමස්ත ඖෂධ ලැයිස්තුව මෙතැනින් – https://www.tga.gov.au/resources/artg?keywords=Pholcodine&page=0