
වාර්තා වූ ප්‍රමාණයට වඩා වැඩි ජැපනීස් එන්සෙපලයිටීස් ආසාධිතයන් සංඛ්‍යාවක් වික්ටෝරියා සමාජය තුළ සිටින බවට අනතුරු ඇගවෙනවා.
පසුගිය වසරේ මදුරු ගහණය වැඩිම කාලයේදී වික්ටෝරියා ප්‍රාන්තයෙන් හමුවී තිබුණේ ආසාධිතයන් 13 දෙනෙකු පමණයි.
එහෙත් පුද්ගලයන් 800 ක් යොදාගෙන සිදුකල රුධිර සාම්පල පරීක්ෂාවන්වලදී හෙළිවී ඇත්තේ සෑම 30 දෙනෙකුගෙන් අයෙකුටම වෛරසය වැළඳී ඇති බවයි.

ඔවුන් අවුරුදු 25 ත් 90 ත් අතර පසුවන්නන් බවද සඳහන්.
විශේෂයෙන් සත්ව ගොවිපළ ආශ්‍රිතව කටයුතු කරන්නන් මේ සම්බන්ධයෙන් විමසිලිමත්විය යුතු බවත් හැකිතාක් සිරුර ආවරණය වන ඇඳුම් ඇඳීමට පියවර ගත යුතු බවත් වික්ටෝරියා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව ප්‍රාන්තවාසීන්ට උපදෙස් දෙනවා.
