Superannuation ශේෂය මත බද්ද දෙගුණ කරයි

Superannuation අරමුදලෙහි ශේෂය මත අයකෙරෙන බද්ද දෙගුණ කිරීමට ෆෙඩරල් රජය තීරණය කර තිබෙනවා.

ඒ අනුව දැනට අය කෙරෙන සියයට 15 ක බද්ද ඩොලර් මිලියන 03 කට වඩා ශේෂය සහිත පුද්ගලයන්ට සියයට 30 ක් දක්වා ඉහළ නැංවීමට නියමිතයි.

මෙම නව සංශෝධනය 2025 වසරේ ජූලි 01 වනදා සිට බලාත්මක වන බවයි අගමැති ඇන්තනී ඇල්බනීස් සහ ෆෙඩරල් භාණ්ඩාගාරික අමාත්‍ය ජිම් චාමර්ස් විසින් අද පෙරවරුවේ පැවැත්වු ඒකාබද්ධ මාධ්‍ය හමුවකදී කියාසිටියේ.

Superannuation ගිණුමේ ඩොලර් මිලියන 03 කට අඩු ශේෂයක් සහිත තැනැත්තන්ට මෙම සංශෝධනය අදාළ නොවන අතර ඔවුන්ගෙන් තවදුරටත් සියයට 15 ක බදු අයකිරීම සිදුවනු ඇති.

ඒ අනුව යෝජිත මෙම බදු ඉහළ නැංවීම අදාළ වනුයේ ඔස්ට්‍රේලියානුවන් 80,000 කට පමණක් වන බවත් Superannuation හිමි සියයට 99.5 කට පමණ මෙය අදාළ නොවන බවත් අගමැති ඇල්බනීස් සඳහන් කලා.

මෙමගින් ෆෙඩරල් රජයේ වාර්ෂික බදු ආදායම ඩොලර් බිලියන 02 කින් පමණ ඉහළ නංවා ගැනීමට අපේක්ෂිතයි.

ඔස්ට්‍රේලියාව තුළ Superannuation ගිණුමක සාමාන්‍ය ශේෂය ඩොලර් 150,000 ක් ලෙසයි තක්සේරු කර ඇත්තේ.

ඩොලර් මිලියන 100 ඉක්මවූ ගිණුම් 17 ක් පවතින අතර ඩොලර් මිලියන 400 ක ශේෂයක් සහිත එක් ගිණුමක් ද පවතින බව මෙහිදී අනාවරණය වුනා.

ඔස්ට්‍රේලියාවේ සේවය කරන ඔබටත් වැටුප් ලැබෙන්නේ මෙහෙම ද?

සාමාන්‍ය ඔස්ට්‍රේලියානු සේවකයෙකූ සෑම වසරකදීම ඩොලර් 21,000ක වැටුපක් ලැබිය යුතු අමතර කාලයක් සේවයේ නිරත වී ඇති බව නව සමීක්ෂණයක් මගින් අනාවරණය වී තිබෙනවා.

Read More »

තරග පැරදුණු ශ්‍රී ලංකා කණ්ඩායම ගංවතුරට කොටුවෙයි

අමෙරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයට බලපෑම් කර ඇති ජලගැලීම් තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ද බටහිර ඉන්දීය දූපත් බලා පිටත්ව යාමට නොහැකි වී ඇතැයි වාර්තා වනවා.

Read More »