සංක්‍රමණික ප්‍රජාවට ෆෙඩරල් පොලිසියෙන් විශේෂ දැනුම්දීමක්

විදේශීය රාජ්‍යයන් විසින් තමන් නිරීක්ෂණය කරන බවට හැගී යන්නේ නම් වහාම දැනුවත් කරන ලෙස සංක්‍රමණිකයන්ගෙන් ඔස්ට්‍රේලියානු ෆෙඩරල් පොලීසිය ඉල්ලීමක් කරනවා.

මධ්‍යම රජය සහ ඔස්ට්‍රේලියා දේශීය ඔත්තු සේවය විසින් මෑතකදී සිදුකළ අනතුරු ඇගවීමකින් පසුවයි මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇත්තේ.

මෙම දැනුවත් කිරීමේ ව්‍යාපාරයට භාෂා 30 කට අධික සංඛ්‍යාවකට පරිවර්තනය කිරීමට නියමිත තොරතුරු පත්‍රිකාවක් ඇතුළත් වනවා.

එමෙන්ම ඔස්ට්‍රේලියානු භූමියේ සිටින ඩයස්පෝරා ප්‍රජාවන් සමග සම්බන්ධවීමට ෆෙඩරල් පොලිසියේ ප්‍රජා සම්බන්ධතා නිලධාරීන්ට බලය පැවරී තිබීමද විශේෂත්වයක්.

විදේශීය මැදිහත්වීම් යනු කුමක්ද යන්න පිළිබඳ අවබෝධයක් නොමැතිකම හේතුවෙන් එවැනි විමර්ශනවලට බාධා එල්ල වන බව ද පොලිසිය පෙන්වා දෙනවා.

විදේශ ඇගිලි ගැසීම් පිළිබඳ ඔස්ට්‍රේලියානු නීති යටතේ චෝදනා එල්ල වූ පළමු පුද්ගලයා බවට මෙල්බන් පදිංචිකරුවෙකු 2020 අගභාගයේදී වාර්තා වුණා.

දියතලාව Fox hill ධාවන තරගයේ අනතුරකින් ජීවිත 7ක් අහිමි වෙයි

දියතලාව ෆොක්ස් හිල් සුපර් ක්‍රොස් ධාවන තරගයේදී මෝටර් රථයක් ධාවන පථයෙන් ඉවතට පැන සිදු වූ අනතුරකින් පුද්ගලයන් 7 දෙනෙකු ජිවිතක්ෂයට පත්වී තවත් 20 දෙනෙකුට වැඩි පිරිසක් තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

Read More »

ජපානයේ හෙලිකොප්ටර් දෙකක බිහිසුණු අනතුරක්

පැසිෆික් සාගර කලාපයේ රාත්‍රී අභ්‍යාසයක් අතරතුර හෙලිකොප්ටර් දෙකක් කඩා වැටීමෙන් ජපාන නාවික කාර්ය මණ්ඩල සාමාජිකයෙකු මිය ගොස් තවත් හත් දෙනෙකු අතුරුදහන් වී තිබෙනවා.

Read More »

අනාගතය වෙනුවෙන් සුපරීක්ෂාකාරී වන්නැයි ඔස්ට්‍රේලියානුවන්ට දැනුම්දීමක්

ඔස්ට්‍රේලියානුවන්ගේ විශ්‍රාම දිවිය වෙනුවෙන් මුදල් එක් රැස් කෙරෙන සුපර්ඇනුඒෂන් (superannuation) අරමුදල් වංචාවන් වැඩිවෙමින් පවතින බැවින් දැඩි අවධානයෙන් පසුවන ලෙස ඉල්ලීමක් කෙරෙනවා.

Read More »

TikTok වීඩියෝවක් නිසා මෙල්බන් කාන්තාවක් ලොව ජනප්‍රිය වෙයි

මෙල්බන්හි වෙස්ට් ගේට් පාලම මත මෝටර් රථයක ඉදිරිපස අසුනේ රූගත කරන ලද ටික්ටොක් විඩියෝවක් හේතුවෙන් මෙල්බන් කාන්තාවක් ලොව පුරා කතාබහට ලක්ව තිබෙනවා.

Read More »

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ ප්‍රදේශ රැසකට අනතුරු ඇඟවීම් කිහිපයක්

අද ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ ප්‍රදේශ රැසකට ඇදහැලෙන වර්ෂාවක් සමඟ කාලගුණ අනතුරු ඇඟවීම් කිහිපයක් නිකුත් කර තිබෙනවා.

Read More »