පිට පිට 02 වන දිනයටත් මෙල්බන් ආ ජෙට් ස්ටාර් ගුවන් යානයක අවුලක්

අඛණ්ඩව 02 වන දිනයටත් ජෙට් ස්ටාර් ගුවන් මගීන් පිරිසකට විදේශයකදී ගුවන් ගමන් ප්‍රමාදයකට මුහුණදීමට සිදුවී තිබෙනවා.

වියට්නාමයේ හෝ චි මිං නුවර සිට මෙල්බන් දක්වා ඊයේ දිනයේදී පැමිණීමට නියමිතවූ ගුවන් යානයේ කාර්මික දෝෂයකුයි මීට හේතුවී ඇත්තේ.

සියලු ගුවන් මගීන්ට හෝටල්වල නවාතැන් පහසුකම් ලබාදීමට සහ සෙසු වියදම් දැරීමට පියවර ගත් බවයි ජෙට් ස්ටාර් ගුවන් සේවය නිවේදනය කලේ.

තායිලන්තයේ බැංකොක් නුවර සිට මෙල්බන් දක්වා පෙරේදා දිනයේදී පැමිණි ජෙට් ස්ටාර් ගුවන් යානයක සිටි මගීන්ටද පැය 14 කට ආසන්න කාලයක් ගුවන් යානය තුළ රැඳී සිටීමට සිදුවී තිබුණා.

ඔවුන්ගේ ගමන්මලු මේ වනවිට ඇලිස් ස්ප්‍රිංග්ස් ගුවන් තොටුපළේ පවතින අතර ඒවා අද දිනයේදී නිවෙස් වෙත ප්‍රවාහනය කරන බවටයි ජෙට් ස්ටාර් ගුවන් සේවය දන්වා සිටින්නේ.

මෙල්බන් ඇතුලු ප්‍රදේශ රැසක කාලගුණ වෙනසක් ගැන දැනුම්දීමක්

මෙම සති අන්තයේ ඔස්ට්‍රේලියාවේ ගිනිකොන දෙසින් ඇති වන කාලගුණික වෙනසක් හේතුවෙන් වසර පහකට පසු මෙල්බන් සහ ඒ අවට කලාපයේ සිසිල්ම දින කිහිපය වනු ඇති බවට කාලගුණ අංශ අනාවැකි පල කර තිබෙනවා.

Read More »

වාර්තාවක් තබමින් ශ්‍රී ලංකා කණ්ඩායමට ගෙදර එන්න වෙයි

2024 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු වටයෙන්ම ශ්‍රී ලංකාව ඉවතට විසිවී ඇති බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිල වශයෙන් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

Read More »