නැවත වරක් ලොව ධනවත්ම පුද්ගලයා බවට ටෙස්ලා සමාගමේ නිර්මාතෘ සහ ට්විටර් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ඉලොන් මස්ක් පත් වී තිබෙනවා.
ඔහුගේ දළ වත්කම අමෙරිකානු ඩොලර් බිලියන 277.6 ක් ලෙසටයි ගණන් බලා ඇත්තේ.
පසුගිය වසරේදී පහළ ගිය ටෙස්ලා සමාගමේ කොටස් අගයන් නැවත වර්ධනය වීම මීට ප්‍රධාන හේතුව ලෙසයි සැළකෙන්නේ.
ප්‍රංශ ව්‍යාපාරික බර්නාඩ් ආර්නෝල්ට් ලැයිස්තුවේ 02 වන ස්ථානයට පත්වන්නේ ඩොලර් බිලියන 274.96 ක වත්කමක් සමගිනුයි.
ඇමසන් සමාගමේ නිර්මාතෘ ජෙෆ් බෙසොස් ඩොලර් බිලියන 175.19 ක වත්කමක් සහිතව 03 වන ස්ථානයට පත්වී සිටිනවා.
මයික්‍රොසොෆ්ට් නිර්මාතෘ බිල් ගේට්ස් 06 වන ස්ථානයටත් ඉන්දීය බිලියනපතියන් වන ගෞතම් අදානි සහ මුකේෂ් අම්බානි පිළිවෙලින් 08 වන සහ 10 වන ස්ථානවලත් රැඳී සිටිනවා.