ඔස්ට්‍රේලියා එන විදෙස් සිසුන් අතුරින් PR හිමිවනුයේ 16% කට පමණයි

ඔස්ට්‍රේලියාවේ උසස් අධ්‍යාපනය හැදෑරීම සඳහා පැමිණෙන විදෙස් සිසුන් අතුරින් ස්ථිර පදිංචිය හිමිවනුයේ සියයට 16 කට ආසන්න පිරිසකට පමණක් බව අනාවරණ වී තිබෙනවා.

කෙසේවෙතත් කැනඩාව වැනි රටවල එය සියයට 27 ක් වැනි ඉහළ අගයක පවතින බවයි ස්වදේශ කටයුතු ඇමතිනී ක්ලෙයාර් ඔ-නිල් පෙන්වා දෙන්නේ.

උසස් අධ්‍යාපන කටයුතු අවසන්වීමෙන් පසු මෙරට රැඳී සිට සේවක හිගය මග හරවාලීමට උපකාර කිරීම සඳහා මාර්ග රැසක් හඳුන්වා දී ඇතත් එය මෙතෙක් සාර්ථක වී නොමැති බව අමාත්‍යවරිය සඳහන් කලා.

Employer Sponsor වීසා යටතේ ඔස්ටේ්‍රලියා ස්ථිර පදිංචිය ලබාදීමට ඇති හැකියාව තවත් පුලුල් කල යුතුය යන්න වත්මන් ලේබර් පක්ෂ රජයේ ස්ථාවරය වී තිබෙනවා.

මේ අතර ලබන ජූලි පළමුවනදා සිට Student Visa ලාභියෙකුට සති 02 කට රැකියා කල හැකි පැය ගණන 48 දක්වා ඉහළ දැමීමටද ෆෙඩරල් රජය පසුගියදා අවසර ලබාදුන්නා.

දකුණු ආසියාවේ පළමු අහස් පාලම සමග ITC රත්නදීප විවෘත වෙයි

ගාලු මුවදොර ආසන්නයේ ඉදි කෙරුණු ITC රත්නදීප (‘ITC Ratnadipa Colombo’ )අති සුඛෝපභෝගි හෝටලය ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ඊයේ විවෘත කරනු ලැබුවා.

Read More »

පර්ත් අවට මුහුදු තීරයට යන අයට අනතුරු ඇඟවීමක්

පර්ත් ආසන්න මුහුදු තීරයේ ඇති ඇල්ගී විශේෂයක් හේතුවෙන් පර්ත් හි සංචාරය කරන්නන්ට මුහුදේ දිය නෑම පිළිබඳ අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

Read More »

ශ්‍රී ලංකාවේ හිටපු හමුදා සාමාජිකයන් Anzac Day පෙළපාලිවලට එක්වෙයි

මෙවර ඇන්සක් ඩේ සැමරුම් පෙළපාලි සඳහා ශ්‍රී ලංකාවේ හිටපු ත්‍රිවිධ හමුදා සාමාජිකයින් රැසක් ද ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නගරයට ඒකරාශී වී තිබෙනවා.

Read More »

ග්‍රීසියේ ඇතන්ස් නගරය අඟහරුට සමාන වෙයි

සහරා කාන්තාරයෙන් පැමිණෙන දූවිලි වලාකුළු සමඟ ග්‍රීසියේ ඇතන්ස් නගරයට ඉහළින් අඟහරු ග්‍රහ ලෝකයට සමාන තැඹිලි පැහැති දුමාරයක් මතුවී ඇතැයි වාර්තා වනවා.

Read More »

උමා ඔයේ සේවිකාවන් දෙදෙනෙකුට වෙන් වූ ජනන යන්ත්‍ර

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ඉදිකිරීමේදී ලැබුණු සහාය අගයමින් ජල විදුලි සංකීර්ණයේ ජනන යන්ත්‍ර දෙකක් කාන්තා සේවිකාවන් දෙදෙනෙකුගේ නමින් නම් කර තිබෙනවා.

Read More »