මැයි මාසය වනවිට cash rate අගය 4.1% ක උපරිම අගයකට

ලබන මැයි මාසය වනවිට ඔස්ට්‍රේලියාව තුළ cash rate අගය සියයට 4.1 ක උපරිම අගයකට ඉහළ යනු ඇති බවට වෙස්ට්පැක් බැංකුව අනාවැකි පළකරනවා.

දැනට එම අගය සියයට 3.85 ක් ලෙස පවතින අතර මැයි මාසයේ සිට දෙසැම්බර් මාසය දක්වා සියයට 4.1 ක උපරිම අගයේ පවතිනු ඇති බවටයි පුරෝකථනය කර ඇත්තේ.

2024-2025 කාලසීමාවේදී අවස්ථා 07 කදී cash rate අගය පහළ යනු ඇති බවත් 2025 වසරේ සැප්තැම්බර් මාසයේදී එය සියයට 2.35 ක අගයක් දක්වා පහළ යනු ඇති බවයි වෙස්ට්පැක් බැංකුව අනාවැකි පළකරන්නේ.

ඉදිරි මාස 03 ක කාලය ඔස්ට්‍රේලියානුවන්ට ඉතා දුෂ්කර කාලසීමාවක් වනු ඇති බවයි වෙස්ට්පැක් බැංකුව නිකුත් කර ඇති ආර්ථික වාර්තාවක සඳහන් වන්නේ.

අඛණ්ඩව අවස්ථා 09 කදී cash rate අගය ඉහළ දැමීමටයි ෆෙඩරල් සංචිත බැංකුව පියවර ගත්තේ.

විශ්‍රාම යන ඔස්ට්‍රේලියානුවන් පිරිසක් අන්ත දරිද්‍රතාවයෙන්

විශ්‍රාම යෑමේදී මිලියන 4කට අධික ඔස්ට්‍රේලියානුවන් පිරිසක් අන්ත දරිද්‍රතාවයෙන් පෙළෙන බව නවතම සමීක්ෂණයකින් හෙළිව තිබෙනවා.

Read More »

දියතලාව Fox hill ධාවන තරගයේ අනතුරකින් ජීවිත 7ක් අහිමි වෙයි

දියතලාව ෆොක්ස් හිල් සුපර් ක්‍රොස් ධාවන තරගයේදී මෝටර් රථයක් ධාවන පථයෙන් ඉවතට පැන සිදු වූ අනතුරකින් පුද්ගලයන් 7 දෙනෙකු ජිවිතක්ෂයට පත්වී තවත් 20 දෙනෙකුට වැඩි පිරිසක් තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

Read More »

ජපානයේ හෙලිකොප්ටර් දෙකක බිහිසුණු අනතුරක්

පැසිෆික් සාගර කලාපයේ රාත්‍රී අභ්‍යාසයක් අතරතුර හෙලිකොප්ටර් දෙකක් කඩා වැටීමෙන් ජපාන නාවික කාර්ය මණ්ඩල සාමාජිකයෙකු මිය ගොස් තවත් හත් දෙනෙකු අතුරුදහන් වී තිබෙනවා.

Read More »

අනාගතය වෙනුවෙන් සුපරීක්ෂාකාරී වන්නැයි ඔස්ට්‍රේලියානුවන්ට දැනුම්දීමක්

ඔස්ට්‍රේලියානුවන්ගේ විශ්‍රාම දිවිය වෙනුවෙන් මුදල් එක් රැස් කෙරෙන සුපර්ඇනුඒෂන් (superannuation) අරමුදල් වංචාවන් වැඩිවෙමින් පවතින බැවින් දැඩි අවධානයෙන් පසුවන ලෙස ඉල්ලීමක් කෙරෙනවා.

Read More »

TikTok වීඩියෝවක් නිසා මෙල්බන් කාන්තාවක් ලොව ජනප්‍රිය වෙයි

මෙල්බන්හි වෙස්ට් ගේට් පාලම මත මෝටර් රථයක ඉදිරිපස අසුනේ රූගත කරන ලද ටික්ටොක් විඩියෝවක් හේතුවෙන් මෙල්බන් කාන්තාවක් ලොව පුරා කතාබහට ලක්ව තිබෙනවා.

Read More »