Search

වික්ටෝරියා ප්‍රාන්තවාසීන්ට ශීත සෘතුවට පෙර $ 250 ක විදුලි බිල් ගාස්තු සහනයක්

වික්ටෝරියා ප්‍රාන්තවාසීන්ට ශීත සෘතුව එළැඹීමට පෙර විදුලි බිල් ගාස්තු සහනයක් ලැබෙන ළකුණු පළවී තිබෙනවා.

ඒ අනුව මාර්තු 24 වනදා සිට ඔවුන්ට ඩොලර් 250 ක ගාස්තු සහනයක් හිමිවීමට නියමිත බවයි ප්‍රාන්ත අගමැති ඩැනියල් ඇන්ඩෲස් සඳහන් කලේ.

පසුගිය වසරේදී ගාස්තු සහනය හිමිවූ වික්ටෝරියා ප්‍රාන්තවාසීන් සඳහාද මෙම වරප්‍රසාදය ලබාගත හැකියි.

මෙම වැඩපිළිවෙල සඳහා ලියාපදිංචි වී ඇති වික්ටෝරියානුවන් සංඛ්‍යාව ලක්ෂ 17 කට අධික බවයි අගමැති ඩැනියල් ඇන්ඩෲස් කියාසිටියේ.

ඉහළයන ජීවන වියදමට පිළියමක් ලෙස එක් අවස්ථාවකදී පමණක් ලබාගත හැකි ඩොලර් 250 ක මෙම ගාස්තු සහනය හඳුන්වා දුන්නේ පසුගිය වසරේදීයි.

වික්ටෝරියා බලශක්ති කොමිසමේ වෙබ් අඩවිය හරහා මෙම ගාස්තු සහනයට අයදුම් කල හැකියි.