කාන්තා T20 ලෝක කුසලානය ඔස්ට්‍රේලියානු කණ්ඩායමට

08 වන වරටත් පැවැති ලෝක කුසලාන කාන්තා 20යි විස්ස තරගාවලියේ අවසන් මහා තරගය ජය ගැනීමට ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමත් විය.

ඒ සත්කාරක දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම ලකුණු 19කින් පරාජයට පත්කරමිනි.

තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට ඔස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම සමත් වූ අතර ඔවුන් පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළා.

ඒ අනුව, ඔස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 156ක් රැස්කළා.

ඒ අනුව ලකුණු 157ක ජයග්‍රාහී ඉලක්කයක් හඹායෑමට පිටියට පිවිසි දකුණු අප්‍රිකානු කන්තා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී රැස්කර ගැනීමට හැකිවූයේ ලකුණු 137ක් පමණි.

Today’s Top Stories – Saturday 10th June, 2023

ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව

Read More »

බාල අපරාධකරුවන් වැඩිම පිරිස ක්වින්ස්ලන්ඩ් රැඳවුම් මධ්‍යස්ථානවල

අධීක්ෂණ තත්වයෙන් මුදාහරින තරුණ වරදකරුවන් අතුරින් අඩකට වැඩි පිරිසක් මාස 12 ක් ඇතුළත නැවතත් නව චෝදනා මත දඩුවම්වලට ලක් කෙරෙන බවට අනාවරණය වනවා.

Read More »

සිඩ්නි සික් සහ හින්දු ජාතිකයන් අතර මතභේද නැවතත් උග්‍රවෙයි

සිඩ්නි නගරයේ සික් සහ හින්දු ජාතිකයන් අතර මතභේද නැවතත් උග්‍රවීම සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියානු ආරක්ෂක අංශ අවධානය යොමු කර තිබෙනවා.

Read More »