ඔස්ට්‍රේලියාව ආශ්‍රිත සංචාර තවමත් පූර්ව වසංගත මට්ටමට පසුපසින්

ඔස්ට්‍රේලියාව ආශ්‍රිත දේශීය හා ජාත්‍යන්තර සංචාර තවමත් පූර්ව වසංගත මට්ටම කරා ළගා වී නොමැති බව අනාවරණය වී තිබෙනවා.

සිඩ්නි ගුවන් තොටුපල මගින් නිකුත් කල නවතම දත්ත වාර්තාවකයි මේ බව දැක්වෙන්නේ.

මෙම වසරේ ජනවාරි මාසයේදී ගුවන් මගීන් 31 ලක්ෂ 20 දහසක් පමණ සිඩ්නි ගුවන් තොටුපළ හරහා සංචාරය කර ඇති බව සඳහන්.

එය 2019 ජනවාරි මාසයේදී ගුවන් තොටුපළ භාවිත කළ ගුවන් මගීන්ගෙන් 79% ක් පමණ වන බවටයි ගණන් බලා ඇත්තේ.

මේ අතර පසුගිය දින 28 තුළ ගෝලීය වශයෙන් කොවිඩ් ආසාදිතයින් 89% ක අඩුවීමක් සහ මරණ සංඛ්‍යාව 62% කින් අඩු වී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය නිකුත් කල නවතම වාර්තාවේ සඳහන්.

සිඩ්නි සාප්පු සංකීර්ණයේ පිහි ඇනුමට මැදිහත් වූ තවත් අයෙකුට ඔස්ට්‍රේලියාවේ පුරවැසිභාවය

බොන්ඩායි ජන්ෂන්හි සාප්පු සංකීර්ණයකඅ සිදු වූ පිහි ඇනුමේදී තුවාල ලැබූ පකිස්ථාන ජාතික ආරක්ෂක නිලධාරියාට ඔස්ට්‍රේලියාවේ ස්ථිර පුරවැසිභාවය ලැබෙන බව අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනිස් තහවුරු කර තිබෙනවා.

Read More »

Today’s Top Stories 2024.04.18

පිහි ඇනුමට ලක්වූ බිෂොප්වරයාගෙන් විශේෂ ප්‍රකාශයක් බාලි වෙත යන සංචාරකයන්ට අනතුරු ඇඟවීමක් පිළිකාවකට ප්‍රතිකාරයක් අත්හදා බැලීම ඔස්ට්‍රේලියාවෙන් ඇරඹෙයි වැටුප් සමග වැඩියෙන් නිවාඩු ගැනීමට හැකි නව යෝජනාවක් ඩුබායි යන ගුවන් මගීන්ට විශේෂ දැනුම්දීමක්

Read More »