NSW වේග සීමා කැමරා භාවිතය සම්බන්ධයෙන් නව නියමයක්

නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ වේග සීමා කැමරා (speed camera) භාවිතය සම්බන්ධයෙන් නව නියමයක් පණවා තිබෙනවා.

ඒ අනුව කිසියම් රියදුරෙකුට දඩයක් නියම කිරීමට පෙර අදාළ කැමරා උපාංග පැහැදිලිව දිස්වන ස්ථානයක පැවති බවට සාක්ෂි සහිතව ඔප්පු කල යුතු වනවා.

ආදායම් උපයා ගැනීමේ අරමුණින් පමණක් ඇතැම් අවස්ථාවලදී ළඳු කැලෑ වැනි ස්ථානවල වේග සීමා කැමරා පිහිටුවා ඇති බවට රියදුරන් විසින් චෝදනා කර තිබීම මීට හේතුවයි.

කෙසේවෙතත් කුමන වාතාවරණයකදී හෝ දඩු මුදල් අඩු කිරීමට හෝ නොගෙවා සිටීමට කිසිවෙකුටත් අවස්ථාවක් නොමැති බව නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත රජය අවධාරණය කරනවා.

2022 වසර තුළදී පමණක් නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත රජයට අධී වේග දඩ හමුවේ ලැබී ඇති ආදායම ඩොලර් මිලියන 66 ඉක්මවා ඇතැයි තහවුරු වී තිබෙනවා.

ඒ වේග සීමා කැමරා සංඛ්‍යාව ඉහළ දැමීමත් සමගයි.

ගුවන් යානයක් කැළඹීමකට හසුවීමෙන් මගියෙකු ජීවිතක්ෂයට

ලන්ඩනයේ සිට සිංගප්පූරුව බලා ගමන් කරමින් තිබූ ගුවන් යානයක් උඩු ගුවනේදී කැළඹීමකට හසුවීමෙන් එක් අයෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

Read More »

තම සුරතලුන් දෙදෙනාගේ ප්‍රහාරයෙන් කාන්තාවක් මිය යයි

නැගෙනහිර ලන්ඩනයේ නිවසකදී ඇමෙරිකන් බුලි (XL Bully) වර්ගයේ දැවැන්ත සුනඛයන් දෙදෙනෙකුගේ ප්‍රහාරයක් හේතුවෙන් 50 හැවිරිදි කාන්තාවක් මිය ගොස් ඇති බව පොලිසිය තහවුරු කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියානුවන් වැඩි වශයෙන් භාවිතා කරන භාෂා ගැන අලුත් අනාවරණයක්

සෑම ඕස්ට්‍රේලියානුවන් පස් දෙනෙකුගෙන් එක් අයෙක් නිවසේ දී ඉංග්‍රීසි භාෂාව හැර වෙනත් භාෂා භාවිත කරන බව නවතම අධ්‍යයනයක දී හෙළිව තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රධාන පාසලක සිසුන්ට ජල බෝතල් තහනම් වෙයි

වික්ටෝරියා ප්‍රාන්තයේ ජනප්‍රිය පෞද්ගලික පාසලක ඇතැම් සිසුන් සඳහා පන්ති කාමරය තුළ ජල බෝතල් තහනම් කර ඇතැයි වාර්තා වනවා.

Read More »

මෙල්බන්හි මාර්ගයක ඇවිද යමින් සිටි කාන්තාවකට පිහි ප්‍රහාරයක්

අද උදෑසන මෙල්බර්න් නගරයේ කාර්යබහුල නගර අභ්‍යන්තර මාර්ගයකදී කාන්තාවකට නාඳුනන පුද්ගලයෙකු විසින් පිහියෙන් ඇනීමේ සිදුවීමක් පිළිබඳ පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

Read More »