08 වන වරටත් පැවැත්වෙන ලෝක කුසලාන කාන්තා විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද පැවැත්වෙනවා.
මෙවර අවසන් මහා තරගයට ඔස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම සහ සත්කාරක දකුණු අප්‍රිකානු කණ්ඩායමයි සුදුසුකම් ලබා ඇත්තේ.
තරගය දකුණු අප්‍රිකාවේ කේප් ටවුන්හිදී මෙල්බන් වේලාවෙන් අද මධ්‍යම රාත්‍රී 12 ට එනම් ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 06.30 ට ආරම්භ වීමට නියමිතයි.
ඔස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම මේ දක්වා අවස්ථා 06 කදී විස්සයි විස්ස ලෝක කුසලාන අවසන් මහා තරග සඳහා සුදුසුකම් ලබා ඇති අතර ඉන් 05 කදී ශූරතාවය හිමිකර ගැනීමට සමත්වුණා.
දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම ලෝක කුසලාන තරගාවලියක අවසන් මහා තරගයට සුදුසුකම් ලැබූ පළමු අවස්ථාව මෙයයි.