NSW මැතිවරණයට නිවාස ගැන තවත් පොරොන්දු 02 ක්

ලබන මස පැවැත්වෙන නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත මැතිවරණයෙන් ජයගතහොත් නිවාස මුද්දර ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙල තවත් පුලුල් කරන බවට වත්මන් පාලක පක්ෂය වන ලිබරල් සන්ධානය සහතික වනවා.

මේ අනුව නිවසක් මිළදී ගන්නා තරුණ තරුණියන්ට සිය පළමු සහ දෙවන නිවාස වෙනුවෙන් මුද්දර ගාස්තු ගෙවීම අවශ්‍ය නොවන අතර වාර්ෂික ඉඩම් බද්ද පමණක් ගෙවීම ප්‍රමාණවත් වනු ඇති.

ඩොලර් මිලියන 1.5 ක වටිනාකමට අඩු නිවසක් මිළයට ගැනීමේදී පමණක් එය බලපැවැත්වෙනවා.

මේ අතර ඩොලර් ලක්ෂ 08 ට අඩු වටිනාකමින් යුත් නිවාස මිළයට ගැනීමේදී මුද්දර ගාස්තු සහනයක් ලබාදෙන බවට නිවු සවුත් වේල්ස් හි වත්මන් විපක්ෂය වන ලේබර් පක්ෂය සහතික වනවා.

ලබන මස 25 වනදා පැවැත්වෙන මැතිවරණයෙන් ජයගතහොත් ඩොලර් ලක්ෂ 10 ක් දක්වා වන වටිනාකමින් යුත් නිවාස සඳහා ද වට්ටම් සහනයක් පිරිනමන බවටයි ඔවුන් ප්‍රතිඥා දෙන්නේ.

ශ්‍රී ලංකා රුපියලට සාපේක්ෂව ඇමරිකානු ඩොලරයේ වෙනසක්

පසුගිය සතියට සාපේක්ෂව අද ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල ඇමරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියල සුළු වශයෙන් අවප්‍රමාණය වී තිබෙනවා.

Read More »

මෙල්බන් සාප්පු සංකීර්ණයක පිහි ඇනුමකට බාල වයස්කරුවන් දෙදෙනෙකු අල්ලයි

පසුගිය සතියේ මෙල්බර්න් හි බටහිර ප්‍රදේශයේ සාප්පු මධ්‍යස්ථානයකදී සිදු කළ පිහි ඇනුමකට සම්බන්ධ 13 හැවිරිදි දැරියක් ඇතුළු දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »