Search

කොවිඩ් සමයේ ගුවන් ගමන් අවලංගු කල ක්වන්ටාස් මගීන්ට දැනුම්දීමක්

කොවිඩ් සමයේදී අවලංගු කෙරුණු ගුවන් ගමන් වාර වෙනුවට ලබාදුන් ප්‍රසාද දීමනා ඩොලර් මිලියන 800 කට ආසන්න ප්‍රමාණයක් ගුවන් මගීන් විසින් මෙතෙක් භාවිත කර නොමැති බව ක්වන්ටාස් ගුවන් සේවය නිවේදනය කරනවා.

ඒවා ලබන දෙසැම්බර් 31 වනදායින් අවසන්වීමටයි නියමිතව ඇත්තේ.

කොවිඩ් වසංගතය හමුවේ 2021 වසරේ ඔක්තෝබර් මාසයේ අවසානය දක්වා අවලංගු කල හෝ දින වෙනස් කල ගුවන් ගමන්වලට අදාළව නැවත මුදල් ගෙවීමට වෙනුවටයි ක්වන්ටාස් ගුවන් සේවය විසින් මෙම ප්‍රසාද දීමනා වැඩපිළිවෙල හඳුන්වාදෙනු ලැබුවේ.

කෙසේවෙතත් මෙලෙස මුදල් වෙනුවට ප්‍රසාද දීමනා ලබාදීම නීති විරෝධී බැවින් ඒ පිළිබඳ විමර්ශනයක් සිදුකරන ලෙසටයි පාරිභෝගික සංවිධාන කිහිපයක් විසින් ඔස්ට්‍රේලියානු පාරිභෝගික කොමිසමෙන් ඉල්ලා ඇත්තේ.

2022-23 මූල්‍ය වර්ෂයේ පළමු අර්ධයට අදාළව ක්වන්ටාස් ගුවන් සේවය විසින් ඩොලර් බිලියන 1.4 ක ලාභයක්ද පසුගියදා වාර්තා කරනු ලැබුවා.

මෙල්බන්හිදී සිය මෝටර් රථයේම ගැටී අසාධ්‍ය වූ කාන්තාව

මෙල්බන් රෝහල ඉදිරිපිට සොරකම් කරන ලද වාහනයක් නැවැත්වීමට උත්සහ කිරීමේදී සිය මෝටර් රථයේම ගැටී කාන්තාවක් බරපතල තුවාල ලබා තිබෙනවා.

Read More »

COVID-19 එන්නත් ගැන වැඩිහිටි ඔස්ට්‍රේලියානුවන්ට අනතුරු ඇඟවීමක්

වැඩිහිටි ඔස්ට්‍රේලියානුවන් ශීත සෘතුවට පෙර COVID-19 එන්නත් ලබාගැනීමේ අවශ්‍යතාවයක් පවතින බවට අනතුරු ඇවීමක් නිකුත්කර තිබෙනවා.

Read More »