
ඔස්ට්‍රේලියාවට වඩාත් ආසන්නයෙන්ම පිහිටි රට වන පැපුවා නිවු ගිනියාවේ ප්‍රබල භූමිකම්පාවක් හටගෙන තිබෙනවා.
එය රික්ටර් මාපකයේ සටහන්වී ඇත්තේ ඒකක 6.2 ක් ලෙසයි.
මෙම කම්පනය පොළව අභ්‍යන්තරයේ කිලෝමීටර් 57 ක් ගැඹුරිනුයි සටහන් වී ඇත්තේ.

මෙමගින් ඔස්ට්‍රේලියාවට කිසිදු සුනාමි අවධානමක් නොමැති බව කාළගුණ විද්‍යා කාර්යාංශය අවධාරණය කලා.
මේ අතර ඊයේ රාත්‍රියේ ජපානයේ හොකයිඩෝ ප්‍රාන්තයේද රික්ටර් මාපකයේ ඒකක 6.1 ක ප්‍රබල භූමිකම්පාවක් හටගෙන තිබුණා.
