ඔස්ට්‍රේලියාවේ වඩාත් අවධානම් රැකියා හෙළි කෙරේ

රාජකාරි අතරතුරදී සිදුවූ අනතුරු හමුවේ ඔස්ට්‍රේලියාවේදී 2021 වසරේ වැඩිම පිරිසක් මියගොස් ඇත්තේ රියදුරන් සහ යන්ත්‍ර ක්‍රියාකරුවන් බව අනාවරණ වී තිබෙනවා.

එයින්ද කෘෂිකර්ම – වන සංරක්ෂණ සහ ධීවර ක්ෂේත්‍ර කැපී පෙනෙන බවයි නවතම වාර්තාවක දැක්වෙන්නේ.

එම අංශවල පුද්ගලයන් 100,000 කට මරණ 10.4 ක් සටහන්වී තිබෙනවා.

එයින් සියයට 96 ක්ම පුරුෂයන් වීම විශේෂත්වයක්.

තරුණ පිරිස්වලට වඩා වැඩිමහල් පුද්ගලයන් විශේෂයෙන් අවුරුදු 55 ත් 64 ත් අතර පිරිස් රාජකාරි අවස්ථාවල අනතුරු හමුවේ මියයාම්වල වැඩි ප්‍රවණතාවයක් පෙන්නුම් කරනු ලබනවා.

ප්‍රාන්ත වශයෙන් සැළකීමේදී වැඩිම පිරිසක් මරණයට පත්වී ඇත්තේ නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ වන අතර ක්වීන්ස්ලන්ඩ් සහ වික්ටෝරියා 02 වන සහ 03 වන ස්ථාන හිමිකරගෙන තිබෙනවා.

වික්ටෝරියා ප්‍රාන්තයෙන් ඊයේ හමුවූ කුරුළු උණ ගැන අද විශේෂ දැනුම්දීමක්

ලෝකය පුරා පැතිර යන කුරුළු උණ වෛරසයට වඩා වික්ටෝරියා ප්‍රාන්තයෙන් හමුවී ඇති වෛරසයෙන් මහජනතාවට ඇති අවදානම අඩු බව නවතම සමික්ෂණ මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »

මැතිවරණ ප්‍රචාරක රැළියක වේදිකාවක් කඩා වැටී 9ක් ජීවිතක්ෂයට

උතුරු මෙක්සිකෝවේ මැතිවරණ ප්‍රචාරක රැලියක වේදිකාවක් කඩා වැටීමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයන් 9 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

Read More »

සිංගප්පූරු ගුවන් යානයේ කැළඹීම ගැන ඇඩිලේඩ් යුවළක් විස්තර කරයි

සිංගප්පූරු ගුවන් සේවයේ යානයක් ඉහළ අහසේදී කැළඹීමකට හසුවීමේ අනතුර සිදුවූ අවස්ථාවේ එහි සිටි ඇඩිලේඩ් පදිංචි යුවළක් සිය අත්දැකීම් මෙන්ම එම අවස්ථාවේ දැනුණු හැඟීම් පිළිබඳ විස්තර කර තිබෙනවා.

Read More »