වික්ටෝරියා හා NSW පරදා ක්වීන්ස්ලන්ඩ් පෙරමුණට

ඔස්ට්‍රේලියාව තුළ වැඩිම පිරිසක් සංක්‍රමණය වූ ප්‍රාන්තය බවට නිවු සවුත් වේල්ස් හා වික්ටෝරියා අභිබවා ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තය පත්වී තිබෙනවා.

2016 – 2021 කාලසීමාවට අදාළ දත්ත සහ තොරතුරු ආශ්‍රයෙනුයි සංඛ්‍යාලේඛන කාර්යාංශය මේ බව අනාවරණ කර ඇත්තේ.

අදාළ වසර 05 තුළදී මෙරට වෙනත් ප්‍රාන්තවලින් ක්වීන්ස්ලන්ඩ් වෙත පැමිණ ඇති පිරිස 107,549 ක්.

ටස්මේනියා ප්‍රාන්තය දෙවැනි ස්ථානයට පත්වී තිබෙනවා.

අන්තර් ප්‍රාන්ත සංක්‍රමණ සළකා බැලීමේදී වැඩිම පිරිසක් පිටත්වගොස් ඇත්තේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් වන අතර එය 102,227 ක්.

වික්ටෝරියා ප්‍රාන්තයෙන් මෙම කාල සීමාව තුළ 9,491 ක පිරිසක් වෙනත් ප්‍රාන්තවලට සංක්‍රමණය වි තිබෙනවා.

පසුගිය වසර පහ තුළ ඔස්ට්‍රේලියා ජනගහනයෙන් සෑම දස දෙනෙකුගෙන් එක් අයෙකු පමණක් වෙනත් ප්‍රාන්තයකට සංක්‍රමණය වී ඇති අතර 53% ක් වාසස්ථානය වෙනස් කර නොමැතිවීමද විශේෂත්වයක්.

සංක්‍රමණය කළ පිරිසෙන් බහුතරයක් එනම් 87% ක් තමා සිටි ප්‍රාන්තය තුළම වෙනත් ප්‍රදේශයක පදිංචි වී ඇති බවයි සංඛ්‍යාලේඛන කාර්යාංශය සඳහන් කලේ.

අගමැති එක්වූ මෙල්බන් සමුලුවකට පලස්තීන හිතවාදී විරෝධතාකරුවන් කඩාවදී

අගමැති ඇන්තනි ඇල්බනීස් සහභාගී වූ මෙල්බර්න්හි කම්කරු පක්ෂ සමුළුවකට පලස්තීන හිතවාදී පෙලපාලිකරුවන් කඩා වැදී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ මාරක රිය අනතුරුවලට හේතුව හෙළිවෙයි

පැය පහකට අඩු කාලයක් නිදාගන්නා රියදුරන් රිය අනතුරුවලට පත්වීමේ සම්භාවිතාව හතර ගුණයකින් වැඩි බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවට එන සංක්‍රමණික පිරිසක් වෙනුවෙන් අයවැයෙන් මුදල් වෙන් වෙයි

ඔස්ට්‍රේලියාවට සංක්‍රමණිකයන් ලෙස හෝ සරණාගතයන් ලෙස පැමිණෙන කාන්තාවන් ගෘහස්ත හිංසනයෙන් ආරක්ෂා කිරීම සඳහා මෙවර අයවැයෙන් ප්‍රතිපාදන වෙන්වී තිබෙනවා.

Read More »