Search

ප්‍රධාන නගරවලින් ප්‍රාදේශීය කලාප වෙත සංක්‍රමණය ඉහළට

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන නගරවලින් ප්‍රාදේශීය කලාප වෙත සංක්‍රමණය වන පුද්ගලයන්ගේ ඉහළයාමක් නිරීක්ෂණය වන බව සංඛ්‍යාලේඛණ කාර්යාංශය පවසනවා.

2021 දක්වා වූ වසර පහක කාලය තුළ ප්‍රධාන නගරවලින් පුද්ගලයින් 160,100 ක් පිටව ගොස් තිබෙනවා.

2016 වසරේ සංගණනයේදී එම අගය 43,000 ක් වූ අතර 2011 දී 72,200 ක් ලෙස පැවති බවයි ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශය පවසන්නේ.

2021 සංගණනයට පෙර වසරක කාලය තුළ, මෙරට ප්‍රධාන නගරවලින් පුද්ගලයින් 59,500 ක් ප්‍රාදේශීය කලාප වෙත ගොස් ඇති අතර ඉන් 49,100 කට ආසන්න පිරිසක්ම සිඩ්නි නගරයෙන් පිටත්වූවන් බවටයි හඳුනාගෙන ඇත්තේ.

මෙලෙස අන්තර් ප්‍රාන්ත සංක්‍රමණයට ප්‍රධාන හේතු කිහිපයක් ද අනාවරණය කරගෙන තිබෙනවා.

වීසා කටයුතු සහ ස්ථිර පදිංචිය ලබාගැනීමේ අපේක්ෂාව / රැකියා අවස්ථා / උසස් අධ්‍යාපන කටයුතු සහ නිවාස මිළ ඉන් ප්‍රමුඛ කරුණු අතර වනවා.

ඔස්ට්‍රේලියාවේ කිඹුලන් ඇති ගඟක දරුවා සමග මසුන් අල්ලන ඡායාරූපයකට විවේචන

ඔස්ට්‍රේලියාවේ බහුල කිඹුල් ගහණයක් ඇති ගංගාවක දරුවා සමග මසුන් අල්ලන වැඩිහිටියෙකුගේ ඡායාරූපයක් අන්තර්ජාලය ඔස්සේ දැඩි විවේචනයට ලක්ව තිබෙනවා. 

Read More »

රියදුරන්ට Claims ලබාගැනීමට ජූනි 30 තෙක් අවස්ථාව

නිව් සවුත්වේල්ස් මෝටර් රථ හිමියන්ට ලබාදුන් ඩොලර් මිලියන 130 ප්‍රතිලාභ ලබාගැනීමට තවමත් ඉදිරිපත් වී නැතැයි ප්‍රාන්ත ප්‍රවාහන අමාත්‍යංශය පවසනවා.

Read More »