ඔස්ට්‍රේලියානුවන් ඉලක්ක කර ක්‍රියාත්මක තවත් වංචාවක්

ඔස්ට්‍රේලියානුවන් ඉලක්ක කර ක්‍රියාත්මක කෙරෙන තවත් Scam ඝනයට අයත් වංචාවක් පිළිබඳ තොරතුරු අනාවරණ කර තිබෙනවා.

තම ජංගම දුරකථනය වැසිකිළියට වැටුණු බවටත් නව අංකය සටහන් කර තබාගන්නා ලෙසටත් පුතා හෝ දියණිය විසින් එවන කෙටි පණිවිඩයක් ආකාරයටයි එය යොමු කෙරෙන්නේ.

අනතුරුව කිසියම් මුදලක් ඉල්ලා සිටින අතර ඒ හරහා ක්‍රෙඩිට් කාඩ් අංක වංචාවක් සිදුවන බව සඳහන්.

මීට සති කිහිපයකට පෙර සීඝ්‍රයෙන් පැතිර ගිය Hi Mum වංචාව හා සමාන අයුරින් මෙයද ක්‍රියාත්මක වනවා.

2022 වසරේ පළමු මාස 07 තුළදී විවිධ වංචාවන්ට ලක්වූ ඔස්ට්‍රේලියානුවන් සංඛ්‍යාව 1,150 ක් වන අතර වංචාවට ලක්ව ඇතැයි සැලකෙන මුදල ඩොලර් මිලියන 2.6 ක්.

මෙල්බන් උතුරු ප්‍රදේශයේ පාසල් බස් රථ අනතුරින් එක් අයෙක් ජීවිතක්ෂයට

මෙල්බන් උතුරු ප්‍රදේශයේ කිල්මෝර්හිදී අසම්ප්ෂන් විද්‍යාලයේ සිසුන් රැගත් පාසල් බස් රථය අනතුරට ලක්වීමෙන් රියදුරු මිය ගොස් සිසුවෙකු තුවාල ලබා තිබෙනවා.

Read More »

මගීන් සමග ගමන් කරමින් තිබූ ගුවන් යානයකට ෆ්ලෙමින්ගෝ ප්‍රහාරයක්

ඉන්දියාවේ මුම්බායි දක්වා පැමිණෙමින් තිබූ එමිරේට්ස් සමාගමට අයත් ගුවන් යානයක් ෆ්ලෙමින්ගෝ පක්ෂීන් රංචුවක ගැටී ඇතැයි වාර්තා වනවා.

Read More »