මීළග Cash rate වෙනස ගැන අනාවැකියක්

මීළග පොළී අනුපාතික වෙනස් කිරීමේදී ෆෙඩරල් සංචිත බැංකුව විසින් cash rate අගය සියයට 4.1 ක් දක්වා ඉහළ දමනු ඇති බවට වෙස්ට්පැක් බැංකුව පුරෝකථනය කරනවා.

ලබන මැයි මාසය වනවිට එය ඉතිහාසයේ ඉහළම අගය දක්වා වැඩිවනු ඇති බවටයි අනාවැකි පළවන්නේ.

දැනට ඔස්ට්‍රේලියා ඉතිහාසයේ ඉහළම cash rate අගය ලෙස සියයට 4.6 ක් සටහන් වී ඇත්තේ 1990 වසරේදීයි.

මේ වනවිට cash rate අගය සියයට 3.85 ක් ලෙස පවතින අතර උද්ධමනය ඉහළ අගයක පැවතීම මෙම පුරෝකථනයට හේතුවයි.

පොළී අනුපාතික ඉහළ යන සෑම අවස්ථාවකදීම ණය වාරික ඉහළයාම ඔස්ට්‍රේලියානුවන් මුහුණ දෙන ප්‍රධාන ගැටලුවක් බවට පත්වී තිබෙනවා.

ලොව ධනවතුන් අතර ඉහළින් ඉන්න ඉලෝන් මස්ක් ළගදීම ශ්‍රී ලංකාවට

ස්ටාර් ලින්ක් (Starlink) චන්ද්‍රිකා අන්තර්ජාල සේවාව ක්‍රියාත්මක කිරීම සඳහා මේ වසරේ ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ කළ ආරාධනය ඉලෝන් මස්ක් පිළිගෙන ඇති බව වාර්තා වනවා.

Read More »

පිහි අපරාධ මඩින්න ගේන්න හදන නව නීතිය

පිහි හෝ ලෝහමය තියුණු ආයුධ රැගෙන යන පුද්ගලයින් පරීක්ෂාකිරීමට අදාළව නව නීති සම්මත කර ගැනීමට ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත රජයන් කටයුතු සැලසුම් කරමින් ඇතැයි වාර්තා වනවා.

Read More »

තරුණ පරම්පරාවේ සමාජ මාධ්‍යයේ බලපෑම් ගැන අනතුරු ඇඟවීමක්

නව යොවුන් වියේ දරුවන්ගේ මානසික යහපැවැත්ම සම්බන්ධයෙන් ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ ප්‍රධාන සෞඛ්‍ය නිලධාරියා මහජන සෞඛ්‍ය අනතුරු ඇඟවීමක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Read More »

ඊශ්‍රායල සහ හමාස් නායකයන් අත්අඩංගුවට ගැනීමේ උත්සාහය ගැන අගමැතිගේ ප්‍රතිචාරය

ඊශ්‍රායල අගමැති සහ හමාස් නායකයින් අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කරන ලෙස ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ අභිචෝදකයාගේ ඉල්ලීම සම්බන්ධයෙන් අදහස් දැක්වීම අගමැති ඇන්තනි ඇල්බනීස් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

Read More »

සැත්කමකින් පසු මෙල්බන් කාන්තාවක් මියගිය සිද්ධියට තවත් වෛද්‍යවරුන් දෙදෙනෙකුගේ වැඩ තහනම්

ගබ්සාවකින් පසු මෙල්බර්න් කාන්තාවක් වන හර්ජිත් කෞර් මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණවලට අනුව තවත් වෛද්‍යවරුන් දෙදෙනෙකුගේ වැඩ තහනම් කර තිබෙනවා.

Read More »