Search

නවසීලන්ත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියට ශ්‍රී ලංකා සංචිතය නම් කරයි

නවසීලන්ත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඊට ක්‍රීඩකයින් 17 දෙනෙකු ඇතුළත් වන අතර කණ්ඩායමේ නායකයා ලෙස දිමුත් කරුණාරත්න කටයුතු කරනු ඇති.

ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් වන ඇන්ජලෝ මැතිවුස්, දිනේෂ් චන්දිමාල් සහ ධනංජයද සිල්වාද සංචිතයට ඇතුළත්.

මීට අමතරව ඕෂධ ප්‍රනාන්දු – කුසල් මෙන්ඩිස් – නිරෝෂන් දික්වැල්ල සහ කමිඳු මෙන්ඩිස් ද ටෙස්ට් සංචිතයට කැඳවා තිබෙනවා.

රමේෂ් මෙන්ඩිස්, ප්‍රභාත් ජයසූරිය දග පන්දු යවන්නන් ලෙසද චාමික කරුණාරත්න – කසුන් රාජිත – ළහිරු කුමාර – අසිත ප්‍රනාන්දු සහ විශ්ව ප්‍රනාන්දු පන්දු යවන්නන් ලෙසද සංචිතයට එක් වනවා.

නිශාන් මධුෂ්ක හා මිලාන් රත්නායක යන නවක ක්‍රීඩකයින්ද නවසීලන්තයට එරෙහි සංචිතයට කැඳවා තිබීම විශේෂත්වයක්.

ශ්‍රී ලංකා නවසීලන්ත ටෙස්ට් තරගාවලියට තරග 02 ක් ඇතුළත් වන අතර ශ්‍රී ලංකා පිල ලබන සඳුදා නවසීලන්තය බලා පිටත්වයාමට නියමිතයි.

දරුවන් අපයෝජනයට ගත් ප්‍රධාන බැංකුවක නිලධාරියා හදිසියේ මියයයි

ලිංගිකත්වය සඳහා බාලවයස්කාර ගැහැණු ළමයින් ලබා ගැනීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි ප්‍රධාන බැංකුවක හිටපු විධායක නිලධාරියෙකු වන ක්‍රිස්ටෝපර් ජේම්ස් මැකන් [Christopher James McCann] මියගොස් තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාව TikTok තහනම ඉල්ලද්දි ශ්‍රී ලංකාවේ අධ්‍යාපනයට TikTok එක්කර ගනියි

ඔස්ට්‍රේලියාව TikTok තහනම් කිරීමට සාකච්ඡා පවත්වන විට ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය ඩිජිටල්කරණය කිරීමට TikTok සමාගමේ එකඟත්වය පළ කර තිබෙනවා. මේ පිළිබඳව සාකච්චා කිරීම සදහා TikTok සමාගමේ

Read More »