ඔස්ට්‍රේලියා බන්ධනාගාරවල සිටින දඩුවම් නියමවු සිරකරුවන් සංඛ්‍යාව සියයට 07 කින් පහළගොස් තිබෙනවා.
රක්ෂිත බන්ධනාගාරගතව සිටින රැඳවියන් සංඛ්‍යාව 14,864 දක්වා අඩුවී ඇත්තේ සියයට 02 කිනුයි.
දැනට බන්ධනාගාරවල සිටින සමස්ත සිරකරුවන් ගණන 40,591 ක් වන අතර එය 2021 වසරට වඩා සියයට 06 ක පහළයාමක්.
2017 වසරෙන් පසු රැඳවියන් සංඛ්‍යාව සටහන් කල පහළම අගයද මෙයවීම විශේෂත්වයක්.
මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ රැඳවියන් ගණන සියයට 13 කින් සහ සොරකම් සම්බන්ධ රැඳවියන් සියයට 11 කින් පහළ ගොස් තිබෙනවා.