සහනාධාර ලබන්නන්ගෙන් වැඩි පිරිසකට සිසිලන ගැටලු

විවිධ ජීවනාධාර ලබන ඔස්ටේ්‍රලියානුවන් අතුරින් 1/3 ක් පමණ මෙවර ග්‍රීෂ්ම සාතුවේදී අධික උණුසුම හේතුවෙන් වෛද්‍ය සහන ලබාගෙන තිබෙනවා.

ඔවුන්ගේ නිවාස ඉතා අධික උණුසුම් ස්වභාවයක් ගෙන තිබීමයි ඊට හේතුව වී ඇත්තේ.

සමාජ සහනාධාර ලබන පිරිස් අතුරින් සියයට 62 ක් පමණ සිය නිවාස සිසිලනය කරගැනීමේ අපහසුතාවලින් පෙළෙන බවයි අනාවරණය වන්නේ.

මින් බහුතරයක් වයෝවෘද්ධ – ආබාධ සහිත වූවන් හෝ විවිධ සෞඛ්‍ය ගැටලුවලින් පෙළෙන්නන් බවද සඳහන්.

විදුලි සහ ගෑස් ගාස්තු ඉහළ අගයක පැවතීම හමුවේ බොහෝ පිරිසක් විදුලි පංකා සහ වායු සමීකරණ භාවිතයෙන් ඉවත්වීමට තීරණය කර තිබීමයි ඊට හේතුව වී ඇත්තේ.

කෙසේවෙතත් මෙවර පෙබරවාරි මාසයේදී ඇඩිලේඩ් හැර අනෙකුත් සෑම ප්‍රධාන නගරයකම සාමාන්‍ය උෂ්ණත්වය සාපේක්ෂව අඩු අගයක පවතින බවයි වාර්තා වන්නේ.

මෙල්බන් උතුරු ප්‍රදේශයේ පාසල් බස් රථ අනතුරින් එක් අයෙක් ජීවිතක්ෂයට

මෙල්බන් උතුරු ප්‍රදේශයේ කිල්මෝර්හිදී අසම්ප්ෂන් විද්‍යාලයේ සිසුන් රැගත් පාසල් බස් රථය අනතුරට ලක්වීමෙන් රියදුරු මිය ගොස් සිසුවෙකු තුවාල ලබා තිබෙනවා.

Read More »

මගීන් සමග ගමන් කරමින් තිබූ ගුවන් යානයකට ෆ්ලෙමින්ගෝ ප්‍රහාරයක්

ඉන්දියාවේ මුම්බායි දක්වා පැමිණෙමින් තිබූ එමිරේට්ස් සමාගමට අයත් ගුවන් යානයක් ෆ්ලෙමින්ගෝ පක්ෂීන් රංචුවක ගැටී ඇතැයි වාර්තා වනවා.

Read More »