රථවාහන තදබද වායු දූෂණය හමුවේ වසරකදී ඔස්ට්‍රේලියාවෙන් මරණ 11,000 ක්

රථවාහන තදබදවලදී වායු දූෂණය හමුවේ වසරකදී ඔස්ට්‍රේලියාවෙන් වාර්තාවන මරණ සංඛ්‍යාව 11,000 කට අධික බවට ගණන් බලා තිබෙනවා.

වායු දූෂණය හමුවේ මෙරටදී මරණයක් සටහන් වීමේ අවධානම රිය අනතුරකදී මරණයක් සිදුවීමට වඩා 10 ගුණයක ඉහළ බවයි නවතම අධ්‍යයනයකදී අනාවරණ වී ඇත්තේ.

රථවාහන තදබදවල වායු දූෂණය හමුවේ වසරකදී ඔස්ට්‍රේලියානුවන් 12,200 කට වැඩි පිරිසක් හදවත් රෝගවලටද 6,840 දෙනෙකු පමණ ශ්වසන ආබාධවලටද ගොදුරුවන බව සඳහන්.

එමෙන්ම 66,000 කට වැඩි පිරිසක් ඇදුම රෝගීන් බවට පත්වන බවයි මෙහිදී අනාවරණ වී ඇත්තේ.

රථවාහන තදබදවලදී වායු දූෂණය හමුවේ වසරකදී නවසීලන්තයෙන් වාර්තාවන මරණ සංඛ්‍යාව 3,000 ක් පමණ වනවා.

ලොව ධනවතුන් අතර ඉහළින් ඉන්න ඉලෝන් මස්ක් ළගදීම ශ්‍රී ලංකාවට

ස්ටාර් ලින්ක් (Starlink) චන්ද්‍රිකා අන්තර්ජාල සේවාව ක්‍රියාත්මක කිරීම සඳහා මේ වසරේ ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ කළ ආරාධනය ඉලෝන් මස්ක් පිළිගෙන ඇති බව වාර්තා වනවා.

Read More »

පිහි අපරාධ මඩින්න ගේන්න හදන නව නීතිය

පිහි හෝ ලෝහමය තියුණු ආයුධ රැගෙන යන පුද්ගලයින් පරීක්ෂාකිරීමට අදාළව නව නීති සම්මත කර ගැනීමට ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත රජයන් කටයුතු සැලසුම් කරමින් ඇතැයි වාර්තා වනවා.

Read More »

තරුණ පරම්පරාවේ සමාජ මාධ්‍යයේ බලපෑම් ගැන අනතුරු ඇඟවීමක්

නව යොවුන් වියේ දරුවන්ගේ මානසික යහපැවැත්ම සම්බන්ධයෙන් ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ ප්‍රධාන සෞඛ්‍ය නිලධාරියා මහජන සෞඛ්‍ය අනතුරු ඇඟවීමක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Read More »

ඊශ්‍රායල සහ හමාස් නායකයන් අත්අඩංගුවට ගැනීමේ උත්සාහය ගැන අගමැතිගේ ප්‍රතිචාරය

ඊශ්‍රායල අගමැති සහ හමාස් නායකයින් අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කරන ලෙස ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ අභිචෝදකයාගේ ඉල්ලීම සම්බන්ධයෙන් අදහස් දැක්වීම අගමැති ඇන්තනි ඇල්බනීස් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

Read More »