
මෙවර තාරාවුන් දඩයම් සමය සඳහා වික්ටෝරියා ප්‍රාන්ත රජය විසින් නව කොන්දේසි මාලාවක් පණවා තිබෙනවා.
අප්‍රේල් 26 වනදා සිට මැයි 30 වනදා දක්වා දිනපතා පෙරවරු 08 සිට පස්වරුව දක්වා තාරාවුන් දඩයම් කල හැකියි.
කෙසේවෙතත් එක් අයෙකුට එක් දිනයකදී දඩයම් කල හැකි උපරිම තාරාවුන් ගණන 04 කට සීමා කර තිබෙනවා.

එමෙන්ම වඳවී යාමේ තර්ජනයට මුහුණදී සිටින පක්ෂීන් වර්ග කිහිපයකට හාණි කිරීම අත්හිටුවා ඇති බවයි වික්ටෝරියා ප්‍රාන්ත රජය නිවේදනය කලේ.
මෙම දින 35 ක කාලය තුළදී පක්ෂීන් 87,000 ක් මරණයට පත්ව තවත් 35,000 ක් පමණ මරණාසන්න තත්වයට පත්වනු ඇති බවටයි පුරෝකථනය කර ඇත්තේ.
