මීට වසර 02 කට පමණ ඉහතදී පර්ත් ළමා රෝහලේදී මියගිය අයිෂ්වර්යා අස්වත් දැරියගේ මරණයට ප්‍රධානම හේතුව වී ඇත්තේ සේවක හිගය හමුවේ හදිසි ප්‍රතිකාර නොලැබීම බවට නිගමනය කර තිබෙනවා.
2021 වසරේ පාස්කු දිනයට පෙර දිනයේදී ඇය උණ රෝගී තත්වයක් හමුවේ රෝහල්ගත කෙරුණද පැය 1 1/2 කට ආසන්න කාලයක් යනතුරු ප්‍රතිකාර ලැබී නොතිබූ බව සඳහන්.
එම අවස්ථාවේදී පර්ත් ළමා රෝහලේ සේවයට සිට ඇත්තේ අවම කාර්ය මණ්ඩලයක් බවයි බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්ත රජය විසින් සිදුකර ඇති විමර්ශනයක අවසාන වාර්තාවේ සඳහන් වන්නේ.
මෙවැනි තත්වයක් ඉදිරියේදී ඇතිවීම වළක්වාගැනීම සඳහා අනුගමනය කල යුතු පියවර කිහිපයක්ද මෙම වාර්තාවට අන්තර්ගතයි.
සේවා මුරයකදී අත්‍යවශ්‍ය සේවා සඳහා සිටිය යුතු අවම සේවකයන් සංඛ්‍යාව හැකි ඉක්මණින් සම්පූර්ණ කිරීම එහි ප්‍රධාන නිර්දේශයක්.