Omicron ඉලක්ක කර මොඩර්නා එන්නතට TGA අනුමැතිය

ඕස්ට්‍රේලියානු ඖෂධ සහ චිකිත්සක නියාමන අධිකාරිය (TGA) විසින් Omicron ප්‍රභේදය ඉලක්ක කර ගනිමින් මොඩර්නා එන්නතට අනුමැතිය දී තිබෙනවා.

ඒ සඳහා ඕස්ට්‍රේලියානු ප්‍රතිශක්තිකරණය පිළිබඳ තාක්ෂණික උපදේශක කණ්ඩායම මගින්ද අවසරය ලබා දී අවසන්.

කෙසේ නමුත්, මෙම එන්නත වයස අවුරුදු 12 සහ ඊට වැඩි පිරිසට බූස්ටර් එන්නතක් ලෙස භාවිත කිරීම සඳහා ඕස්ට්‍රේලියානු ප්‍රතිශක්තිකරණය පිළිබඳ තාක්ෂණික උපදේශක කණ්ඩායම මෙතෙක් අනුමැතිය දී නැහැ.

මේ අතර ACT ප්‍රාන්තය විසින් පෙබරවාරි 28 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි ධනාත්මක රැපිඩ් ඇන්ටිජන් ප්‍රථීඵල වාර්තා කිරීමේ අවශ්‍යතාවය ඉවත් කිරීමට නියමිතයි.

දැනට රැපිඩ් ඇන්ටිජන් ප්‍රථීඵල වාර්තාකල යුතු එකම ප්‍රාන්තය වන්නේද ACT ප්‍රාන්තයයි.

වික්ටෝරියා ප්‍රාන්තයෙන් ඊයේ හමුවූ කුරුළු උණ ගැන අද විශේෂ දැනුම්දීමක්

ලෝකය පුරා පැතිර යන කුරුළු උණ වෛරසයට වඩා වික්ටෝරියා ප්‍රාන්තයෙන් හමුවී ඇති වෛරසයෙන් මහජනතාවට ඇති අවදානම අඩු බව නවතම සමික්ෂණ මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »

මැතිවරණ ප්‍රචාරක රැළියක වේදිකාවක් කඩා වැටී 9ක් ජීවිතක්ෂයට

උතුරු මෙක්සිකෝවේ මැතිවරණ ප්‍රචාරක රැලියක වේදිකාවක් කඩා වැටීමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයන් 9 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

Read More »

සිංගප්පූරු ගුවන් යානයේ කැළඹීම ගැන ඇඩිලේඩ් යුවළක් විස්තර කරයි

සිංගප්පූරු ගුවන් සේවයේ යානයක් ඉහළ අහසේදී කැළඹීමකට හසුවීමේ අනතුර සිදුවූ අවස්ථාවේ එහි සිටි ඇඩිලේඩ් පදිංචි යුවළක් සිය අත්දැකීම් මෙන්ම එම අවස්ථාවේ දැනුණු හැඟීම් පිළිබඳ විස්තර කර තිබෙනවා.

Read More »