ළමුන් බලහත්කාරයෙන් හදාවඩා ගැනීමට දීම් ගැන තවත් විමර්ශනයක්

ළමුන් බලහත්කාරයෙන් හදාවඩා ගැනීමට දීමේ සිදුවීම් සම්බන්ධයෙන් විමර්ශනයක් පැවැත්වීමට බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්ත රජයද තීරණය කර තිබෙනවා.

වසර 02 කට ආසන්න කාලයක් පුරා සිවිල් සංවිධාන විසින් සිදුකල බලපෑමක ප්‍රථිඵලයක් ලෙසයි එම පියවර ගෙන ඇත්තේ.

මේ හා සමාන විමර්ශනයක් වික්ටෝරියා ප්‍රාන්ත රජය විසින්ද 2021 වසරේදී ආරම්භ කරනු ලැබුවා.

1940 සහ 1980 අතර කාලයේදී ඔස්ට්‍රේලියානු දරුවන් 150,000 ක් පමණ දෙමව්පිය කැමැත්තෙන් තොරව වෙනත් පාර්ශව වෙත හදා වඩා ගැනීමට දී ඇති බවටයි අනාවරණය වී ඇත්තේ.

එම දෙමව්පියන්ට පසුව සිය දරුවන් හා සබඳතා පැවැත්වීමද වාරණය කර තිබූ බවටද චෝදනා එල්ල වනවා.

මෙල්බන්හි දුම්කොළ ගබඩා ගිනි තැබීම්වලට තවත් බාල වයස්කරුවන් දෙදෙනෙක් අල්ලයි

මෙල්බර්න්හි උතුරු ප්‍රදේශයේ දුම්කොළ ගබඩා ගිනි තැබීම සම්බන්ධයෙන් බාල වයස්කරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »