
සිය ගබඩා තුළ ගොඩ ගැසී ඇති මෘදු ප්ලාස්ටික් ටොන් 5,200 කට ආසන්න ප්‍රමාණයක් නිසි ඉවත් කරන බවට වූල්වර්ත්ස් සහ කෝල්ස් සුපිරි වෙළඳසැල් ජාල සහතිකයක් ලබා දී තිබෙනවා.
මින් බහුතරයක් හෙවත් ටොන් 3,000 ක් පමණම ගොඩගසා ඇත්තේ මෙල්බන් හි ගබඩා තුළ බවයි පැවසෙන්නේ.
ප්‍රතිචක්‍රීකරණය සඳහා යැයි පවසමින් පාරිභෝගිකයන් විසින් ලබාදෙන ලද මෘදු ප්ලාස්ටික් මෙලෙස වූල්වර්ත්ස් සහ කෝල්ස් ගබඩා තුළ ගොඩගසා ඇතැයි සඳහන්.

ඉන් සැළකිය යුතු ප්‍රමාණයක් අනාරක්ෂිත අයුරින් ගබඩා කර ඇති බවටයි චෝදනා එල්ල වන්නේ.
ඒවා වහා ප්‍රතිචක්‍රීකරණයට යොමුකල නොහැකි නමුත් ආරක්ෂිතව ඉවත් කරන බවටයි ඔවුන් සහතික වන්නේ.
