ඔස්ට්‍රේලියා කාන්තා කණ්ඩායම අඛණ්ඩව 07 වන වරටත් Final යයි

දකුණු අප්‍රිකාවේදී පැවැත්වෙන පන්දුවාර 20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසාන මහා තරගයට සුදුසුකම් ලබාගැනීමට ඔස්ට්‍රේලියා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමත්වුණා.

ඒ ඊයේ කේප්ටවුන් හිදී පැවති අවසාන පූර්ව තරගයේදී ඉන්දීය කණ්ඩායම ළකුණු 05 කින් පරාජයට පත් කරමිනුයි.

මේ අනුව කාන්තා පන්දුවාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියක අඛණ්ඩව 07 වන වරටත් අවසාන මහා තරගයට සුදුසුකම් ලබාගැනීමට ඔස්ට්‍රේලියා කාන්තා කණ්ඩායම සමත්වුණා.

මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියා කාන්තා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 04 ක් දැවී ලබාගත් ළකුණු සංඛ්‍යාව 172 ක්.

පිළිතුරු ඉණිම ක්‍රීඩා කල ඉන්දියාවට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 08 ක් දැවී ලබාගත හැකිවූයේ ළකුණු 167 ක් පමණයි.

පන්දුවාර 20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දෙවන අවසන් පූර්ව තරගය එංගලන්ත සහ දකුණු අප්‍රිකා කණ්ඩායම් අතර අද කේප්ටවුන් හිදී පැවැත්වෙනවා.

ඉන් ජයගන්නා කණ්ඩායම සහ ඔස්ට්‍රේලියා කාන්තා කණ්ඩායම අතර අවසාන මහා තරගය ලබන ඉරිදා කේප්ටවුන් හිදී පැවැත්වීමට නියමිතයි.