ක්වන්ටාස් ගුවන් ගාස්තු අඩුවන ළකුණු

ඉහළ අර්ධ වාර්ෂික ලාභයක් වාර්තා කිරීමත් සමග ගුවන් ගමන් ගාස්තු අඩු කිරීම කෙරෙහි ක්වන්ටාස් ගුවන් සේවයේ අවධානය යොමුවී තිබෙනවා.

ක්වන්ටාස් වරප්‍රසාද කාඩ්පත් හිමියන්ට අද සිටම එම ප්‍රතිලාභ අත්වනු ඇති බවයි සමාගමේ ප්‍රධාන විධායක නිළධාරී ඇලන් ජොයිස් කියාසිටියේ.

2022-23 මූල්‍ය වර්ෂයේ පළමු මාස 06 ට අදාළව ඩොලර් බිලියන 1.4 ක ලාභයක් වාර්තාකර ඇතැයි ක්වන්ටාස් ගුවන් සේවය ඊයේ නිවේදනය කලා.

ඒ අනුව කොවිඩ් වසංගතයට පෙර පැවති තත්වයට සමාගම නැවතත් පත්වෙමින් ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

ගුවන් ගාස්තු අඩු කිරීම පමණක් නොව මගී විවේකාගාර සහ ආසන වැඩි දියුණු කිරීම සඳහාද ක්වන්ටාස් සමාගම පියවර ගනිමින් සිටින බවයි ප්‍රධාන විධායක නිළධාරියා කියාසිටියේ.

මේ අතර මෙල්බන් – සිඩ්නි – ගෝල්ඩ් කෝස්ට් ඇතුලු අභ්‍යන්තර ගමන්වාර රැසක ගාස්තු ඉදිරියේදී තවත් අඩු කිරීමට හැකිවනු ඇති බවද ක්වන්ටාස් ගුවන් සේවය නිවේදනය කරනවා.

වික්ටෝරියා ප්‍රාන්තයෙන් ඊයේ හමුවූ කුරුළු උණ ගැන අද විශේෂ දැනුම්දීමක්

ලෝකය පුරා පැතිර යන කුරුළු උණ වෛරසයට වඩා වික්ටෝරියා ප්‍රාන්තයෙන් හමුවී ඇති වෛරසයෙන් මහජනතාවට ඇති අවදානම අඩු බව නවතම සමික්ෂණ මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »

මැතිවරණ ප්‍රචාරක රැළියක වේදිකාවක් කඩා වැටී 9ක් ජීවිතක්ෂයට

උතුරු මෙක්සිකෝවේ මැතිවරණ ප්‍රචාරක රැලියක වේදිකාවක් කඩා වැටීමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයන් 9 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

Read More »

සිංගප්පූරු ගුවන් යානයේ කැළඹීම ගැන ඇඩිලේඩ් යුවළක් විස්තර කරයි

සිංගප්පූරු ගුවන් සේවයේ යානයක් ඉහළ අහසේදී කැළඹීමකට හසුවීමේ අනතුර සිදුවූ අවස්ථාවේ එහි සිටි ඇඩිලේඩ් පදිංචි යුවළක් සිය අත්දැකීම් මෙන්ම එම අවස්ථාවේ දැනුණු හැඟීම් පිළිබඳ විස්තර කර තිබෙනවා.

Read More »