මාර්ග toll ලෙස අගවා ඔස්ට්‍රේලියානුවන්ගෙන් මුදල් ගැරීමේ වංචාවක් වාර්තා වනවා.
මාර්ගවල ගාස්තු එකතුකරන Linkt සමාගම එවන කෙටි පණිවිඩයක් ලෙසයි මෙම වංචාව සිදු කෙරෙන්නේ.
ක්‍රෙඩිට් කාඩ් තොරතුරු ලබා ගැනීම සඳහා මේ හරහා අදාළ වංචාකරුවන් උත්සහ දරන බව සඳහන්.
2022 වසරේ ජනවාරි සිට සැප්තැම්බර් දක්වා කාලය තුළ Linkt වංචාව පිළිබඳ පැමිණිලි 2,000 ක් පමණ ලැබී ඇති බව ඔස්ට්‍රේලියානු පාරිභෝගික කොමිසම සඳහන් කර සිටීනවා.
එම වංචාවලින් ජනතාවට අහිමි වී ඇති මුදල ඩොලර් 112,000 ක් පමණ වනවා.
කෙසේවෙතත් නොලද පැමිණිලි ද සළකා බැලීමේදී සමස්ත පාඩුව මීට වඩා වැඩි අගයක් ගනු ඇති බවයි පාරිභෝගික කොමිසම පවසා ඇත්තේ.