සමාජ ජාල කිහිපයකට ඔස්ට්‍රේලියාවෙන් දැඩි ප්‍රශ්නාවලියක්

අන්තර්ජාලය ඔස්සේ ළමා අපචාර වැළැක්වීමට ගෙන ඇති පියවර පිළිබඳ පැහැදිලි කරන්නැයි ඔස්ට්‍රේලියානු ඉලෙක්ට්‍රොනික ආරක්ෂණ අධිකාරිය සමාජ ජාල කිහිපයකට දැනුම් දී තිබෙනවා.

ට්විටර් – ටික්ටොක් – ගූගල් ඇතුලු ආයතන කිහිපයක් වෙත දැඩි ප්‍රශ්නාවලියක් යොමු කරමිනුයි ඔවුන් මෙම දැනුම්දීම සිදුකර ඇත්තේ.

ඔන්ලයින් අපචාර වැළැක්වීම සහ පාලනයට ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳ සවිස්තරාත්මක තොරතුරු ඉදිරිපත් කරන ලෙස මෙහිදී දන්වා තිබෙනවා.

දින 35 ක් ඇතුළත ප්‍රතිචාර නොදක්වන්නේ නම් මෙම සෑම ආයතනයකටම දිනකට ඩොලර් ලක්ෂ 07 බැගින් දඩ නියම කල හැකියි.

2017 වසරේ සිට මේ දක්වා ඔස්ට්‍රේලියානු ඉලෙක්ට්‍රොනික ආරක්ෂණ අධිකාරිය විසින් ළමා ලිංගික අපචාර සම්බන්ධ පැමිණිලි 76,000 කට අධික සංඛ්‍යාවක් විමර්ශනය කර තිබෙනවා.

මෙල්බන්හි දුම්කොළ ගබඩා ගිනි තැබීම්වලට තවත් බාල වයස්කරුවන් දෙදෙනෙක් අල්ලයි

මෙල්බර්න්හි උතුරු ප්‍රදේශයේ දුම්කොළ ගබඩා ගිනි තැබීම සම්බන්ධයෙන් බාල වයස්කරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »