Superannuation සංශෝධන පරාජය කරන බවට විපක්ෂයෙන් අනතුරු ඇගවීමක්

Superannuation ක්‍රමයට ගෙන එන ඕනෑම සංශෝධනයක් පරාජයට පත් කරන බවට ලිබරල් විපක්ෂ සන්ධානය අනතුරු අගවනවා.

එය පසුගිය ෆෙඩරල් මැතිවරණ සමයේදී ලේබර් පක්ෂය ලබාදුන් පොරොන්දුවලට මුලුමණින්ම පටහැණි බවයි විපක්ෂය අවධාරණය කරන්නේ.

Superannuation අරමුදලින් ඩොලර් 10,000 ක උපරිමයක් දක්වා ආපසු ලබාගැනීමට පසුගිය කොවිඩ් සමයේදී එවක පැවති ස්කොට් මොරිසන් රජය විසින් අවසර ලබාදුන්නා.

එය කිසිදු ආකාරයකින් අනුමත කල හැකි තීරණයක් නොවන බවයි සිඩ්නි නුවර පැවති ව්‍යාපාරික සමුලුවක් අමතමින් ෆෙඩරල් භාණ්ඩාගාරික අමාත්‍ය ජිම් චාමර්ස් කියාසිටියේ.

මේ හරහා සිදුවන්නේ Superannuation අරමුදලේ සැබෑ අරමුණින් ඈතට ගමන් කිරීමක් බවටද ෆෙඩරල් භාණ්ඩාගාරික අමාත්‍ය ජිම් චාමර්ස් චෝදනා කරනවා.

Superannuation අරමුදල් කලින් ලබාගැනීමට ඇති අවස්ථා සියල්ල නතර කල යුතු බව ද ෆෙඩරල් භාණ්ඩාගාරික අමාත්‍ය ජිම් චාමර්ස් පවසනවා.

අගමැති එක්වූ මෙල්බන් සමුලුවකට පලස්තීන හිතවාදී විරෝධතාකරුවන් කඩාවදී

අගමැති ඇන්තනි ඇල්බනීස් සහභාගී වූ මෙල්බර්න්හි කම්කරු පක්ෂ සමුළුවකට පලස්තීන හිතවාදී පෙලපාලිකරුවන් කඩා වැදී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ මාරක රිය අනතුරුවලට හේතුව හෙළිවෙයි

පැය පහකට අඩු කාලයක් නිදාගන්නා රියදුරන් රිය අනතුරුවලට පත්වීමේ සම්භාවිතාව හතර ගුණයකින් වැඩි බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවට එන සංක්‍රමණික පිරිසක් වෙනුවෙන් අයවැයෙන් මුදල් වෙන් වෙයි

ඔස්ට්‍රේලියාවට සංක්‍රමණිකයන් ලෙස හෝ සරණාගතයන් ලෙස පැමිණෙන කාන්තාවන් ගෘහස්ත හිංසනයෙන් ආරක්ෂා කිරීම සඳහා මෙවර අයවැයෙන් ප්‍රතිපාදන වෙන්වී තිබෙනවා.

Read More »

මෙල්බන් ඇතුලු ප්‍රදේශවලට කාලගුණයේ හදිසි වෙනසක්

නිව් සවුත් වේල්ස්, වික්ටෝරියා සහ දකුණු ඔස්ට්‍රේලියාවේ ප්‍රදේශ රැසකට මෙම සති අන්තය තුළ වාතයේ ශීත කාලගුණික තත්වයක් පවතිනු ඇති කාලගුණ අංශ දැනුම් දෙනවා.

Read More »