ඔස්ට්‍රේලියා ස්ත්‍රී පුරුෂ වැටුප් පරතරය ඉතිහාසයේ අවම අගයට

ඔස්ට්‍රේලියාව තුළ ස්ත්‍රී පුරුෂ වැටුප් පරතරය ඉතිහාසයේ අවම අගය සටහන් කර තිබෙනවා.

ඒ අනුව පුරුෂයන් සහ ස්ත්‍රීන් අතර වැටුප් පරතරය සියයට 13.3 දක්වා අඩුවී ඇති බවයි නවතම සංඛ්‍යාලේඛණවල දැක්වෙන්නේ.

මීට වසර 03 කට පෙර එය සියයට 13.4 දක්වා අඩුවූ අතර අනතුරුව විවිධ සාධක හමුවේ සියයට 14 ඉක්මවා ගොස් තිබුණා.

පසුගිය වසරේ නොවැම්බර් මාසයේදී පූර්ණ කාලීන රැකියාවක නිරත වූ කාන්තාවකගේ සතියක මධ්‍යයන වැටුප ඩොලර් 1653 ක් ලෙස පැවති අතර පුරුෂයෙකුගේ සතියක මධ්‍යයන වැටුප සටහන්වී ඇත්තේ ඩොලර් 1907 ක් ලෙසයි.

වසරක වැටුප් සැළකීමේදී කාන්තාවකට වඩා පුරුෂයෙකු ඩොලර් 13,182 ක මුදලක් උපයන බවටයි අනාවරණ වන්නේ.

සැත්කමකින් පසු මෙල්බන් කාන්තාවක් මියගිය සිද්ධියට තවත් වෛද්‍යවරුන් දෙදෙනෙකුගේ වැඩ තහනම්

ගබ්සාවකින් පසු මෙල්බර්න් කාන්තාවක් වන හර්ජිත් කෞර් මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණවලට අනුව තවත් වෛද්‍යවරුන් දෙදෙනෙකුගේ වැඩ තහනම් කර තිබෙනවා.

Read More »

ගුවන් යානයක් කැළඹීමකට හසුවීමෙන් මගියෙකු ජීවිතක්ෂයට

ලන්ඩනයේ සිට සිංගප්පූරුව බලා ගමන් කරමින් තිබූ ගුවන් යානයක් උඩු ගුවනේදී කැළඹීමකට හසුවීමෙන් එක් අයෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

Read More »

තම සුරතලුන් දෙදෙනාගේ ප්‍රහාරයෙන් කාන්තාවක් මිය යයි

නැගෙනහිර ලන්ඩනයේ නිවසකදී ඇමෙරිකන් බුලි (XL Bully) වර්ගයේ දැවැන්ත සුනඛයන් දෙදෙනෙකුගේ ප්‍රහාරයක් හේතුවෙන් 50 හැවිරිදි කාන්තාවක් මිය ගොස් ඇති බව පොලිසිය තහවුරු කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියානුවන් වැඩි වශයෙන් භාවිතා කරන භාෂා ගැන අලුත් අනාවරණයක්

සෑම ඕස්ට්‍රේලියානුවන් පස් දෙනෙකුගෙන් එක් අයෙක් නිවසේ දී ඉංග්‍රීසි භාෂාව හැර වෙනත් භාෂා භාවිත කරන බව නවතම අධ්‍යයනයක දී හෙළිව තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රධාන පාසලක සිසුන්ට ජල බෝතල් තහනම් වෙයි

වික්ටෝරියා ප්‍රාන්තයේ ජනප්‍රිය පෞද්ගලික පාසලක ඇතැම් සිසුන් සඳහා පන්ති කාමරය තුළ ජල බෝතල් තහනම් කර ඇතැයි වාර්තා වනවා.

Read More »