ධනුෂ්කට යළි Whatsapp වරම් – රෑට එළියට යන්නත් අවසර

තරුණියකට ලිංගික අතවර චෝදනා එල්ලවී සිටින ශ්‍රී ලාංකික ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට පණවා තිබූ සීමා කිහිපයක් ලිහිල් කිරීමට සිඩ්නි ඩවුනින් සෙන්ටර් අධිකරණය නියෝග කර තිබෙනවා.

ඒ අනුව ඔහුට නැවත වරක් වට්ස්ඇප් සේවාව භාවිත කිරීමටත් රාත්‍රී ගමන් බිමන් සඳහාත් අවසර හිමිවනු ඇති.

කෙසේවෙතත් මෙම සීමා ලිහිල් කිරීම් උපයෝගී කරගනමින් කිසිදු අයථා ක්‍රියාවක් සිදු නොකරන ලෙසයි අධිකරණය ධනුෂ්ක ගුණතිලකට දන්වා සිටියේ.

නඩුව නැවතත් ලබන අප්‍රේල් මාසය දක්වා කල් දමනු ලැබුවා.

සිඩ්නි හි නැගෙනහිර රෝස් බේ හි පදිංචි 29 හැවිරිදි තරුණියක ගොනුකළ ලිංගික අතවර පැමිණිල්ලකට අදාළව ධනුෂ්ක ගුණතිලක පසුගිය නොවැම්බර් මස 06 වනදා සිඩ්නි හෝටලයකදී පොලිස් අත්අඩංගුවට පත්වුණා.

ධනුෂ්ක ගුණතිලකගේ ගුවන් ගමන් බලපත්‍රයද මේ වනවිට අධිකරණය භාරයේයි පවතින්නේ.

නඩුව අවසන් වන තෙක් මෙරටින් පිටව යාමට ඔහුට ඉඩ හිමිවන්නේ නැහැ.

Today’s Top Stories – Saturday 10th June, 2023

ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව

Read More »

බාල අපරාධකරුවන් වැඩිම පිරිස ක්වින්ස්ලන්ඩ් රැඳවුම් මධ්‍යස්ථානවල

අධීක්ෂණ තත්වයෙන් මුදාහරින තරුණ වරදකරුවන් අතුරින් අඩකට වැඩි පිරිසක් මාස 12 ක් ඇතුළත නැවතත් නව චෝදනා මත දඩුවම්වලට ලක් කෙරෙන බවට අනාවරණය වනවා.

Read More »

සිඩ්නි සික් සහ හින්දු ජාතිකයන් අතර මතභේද නැවතත් උග්‍රවෙයි

සිඩ්නි නගරයේ සික් සහ හින්දු ජාතිකයන් අතර මතභේද නැවතත් උග්‍රවීම සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියානු ආරක්ෂක අංශ අවධානය යොමු කර තිබෙනවා.

Read More »