වයස අවුරුදු 65 ට වැඩි ඔස්ට්‍රේලියානුවන් මුහුණ දෙන ප්‍රධානතම රෝගී තත්වය බවට ඩිමෙන්ෂියාව පත්වී තිබෙනවා.
මෙතෙක් එම ස්ථානයේ පසූවූයේ හදවත් රෝගී තත්වයනුයි.
2021 වසරට වඩා 2022 වසරේදී මෙරට අවුරුදු 65 ට වැඩි ඩිමෙන්ෂියා රෝගීන්ගේ වැඩිවීම සියයට 04 ක් ලෙස තක්සේරු කර තිබෙනවා.
මතකය අහිමිවීම – කථන අපහසුතා – හැසිරීම් ගැටලු වැනි ලක්ෂණ ඩිමෙන්ෂියා රෝගීන් අතර දැකිය හැකියි.
2020 වසරේදී මෙරට සිදුවූ මරණ අතුරින් සියයට 9.6 කට හේතුව ඩිමෙන්ෂියාව බවටයි තක්සේරු කර ඇත්තේ.
පසුගිය වසරේදී ඔස්ට්‍රේලියාව තුළ සිටි ඩිමෙන්ෂියා රෝගීන් සංඛ්‍යාව 401,300 කට ආසන්නයි.
2058 වනවිට එය 849,300 දක්වා ඉහළ යනු ඇති බවටයි පුරෝකථනය කර ඇත්තේ.