දැවැන්තම සයිබර් ප්‍රහාරය හමුවේත් මෙඩිබෑන්ක් ඉහළම ලාභ ලබයි

ඉතිහාසයේ දැවැන්තම සයිබර් ප්‍රහාරයට මුහුණ දුන්නද මෙඩිබෑන්ක් සෞඛ්‍ය රක්ෂණ සමාගම විසින් මෙම මූල්‍ය වර්ෂයේ පළමු අර්ධය සඳහා සියයට 06 ක ලාභයක් වාර්තා කර තිබෙනවා.

අදාළ මාස 06 තුළදී ඔවුන් ඩොලර් මිලියන 233.3 ක ලාභයක් සටහන් කර ඇති බවයි අද නිකුත් කල සංඛ්‍යාලේඛනවල දැක්වෙන්නේ.

ඔක්තෝබර් මාසයේ සිදුවූ සයිබර් ප්‍රහාරයත් සමග මෙඩිබෑන්ක් සමාගමේ මූල්‍ය තත්වයට තරමක බලපෑමක් එල්ලවුවද එය අපේක්ෂා කල මට්ටමට වඩා අඩු අගයක පැවතී තිබීම විශේෂත්වයක්.

මේ අතර ඔස්ට්‍රේලියාවේ ජාතික ගුවන් සේවය වන ක්වන්ටාස් සමාගම මෙම මාස 06 සඳහා ඩොලර් බිලියන 1.4 ක ලාභයක් උපයා තිබෙනවා.

කෙසේවෙතත් එමගින් ගුවන් ටිකට්පත්වල මිළ අඩුවීමක් අපේක්ෂා නොකෙරෙන බවයි ඔවුන් නිවේදනය කලේ.

ක්වන්ටාස් සමාගමේ ණය ප්‍රමාණයද ඩොලර් බිලියන 2.4 ක් දක්වා අඩුවීම විශේෂත්වයක්.

ඔස්ට්‍රේලියා ඉතිහාසයේ තුන්වන විශාලතම ලොතරැයි ත්‍යාගයේ හිමිකරු සොයයි

ඔස්ට්‍රේලියා ඉතිහාසයේ තුන්වන විශාලතම ත්‍යාග මුදල ලැබෙන ලොතරැයි දිනුම් ඇදීමෙන් ජයග්‍රාහකයෙකු බිහි වී තිබෙනවා.

Read More »

වෙසක් පොහොය දින වෙනුවෙන් සැමරුම් රැසක් නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයට භූ චලනයක් වික්ටෝරියා ප්‍රාන්තයෙන් හමුවූ කුරුළු උණ වෛරසය ගැන විශේෂ දැනුම්දීමක් ඔස්ට්‍රේලියාව තුළ රිය පැදවීමේදී ආහාර ගැනීමට ඇති නීතිමය අවසරය ගැන පැහැදිළි කිරීමක් ගෘහාශ්‍රිත සුරතල් සතුන් ගණන මිලියන 28ත් ඉක්මවා යයි

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයෙන් ඊයේ හමුවූ කුරුළු උණ ගැන අද විශේෂ දැනුම්දීමක්

ලෝකය පුරා පැතිර යන කුරුළු උණ වෛරසයට වඩා වික්ටෝරියා ප්‍රාන්තයෙන් හමුවී ඇති වෛරසයෙන් මහජනතාවට ඇති අවදානම අඩු බව නවතම සමික්ෂණ මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »

මැතිවරණ ප්‍රචාරක රැළියක වේදිකාවක් කඩා වැටී 9ක් ජීවිතක්ෂයට

උතුරු මෙක්සිකෝවේ මැතිවරණ ප්‍රචාරක රැලියක වේදිකාවක් කඩා වැටීමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයන් 9 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

Read More »

සිංගප්පූරු ගුවන් යානයේ කැළඹීම ගැන ඇඩිලේඩ් යුවළක් විස්තර කරයි

සිංගප්පූරු ගුවන් සේවයේ යානයක් ඉහළ අහසේදී කැළඹීමකට හසුවීමේ අනතුර සිදුවූ අවස්ථාවේ එහි සිටි ඇඩිලේඩ් පදිංචි යුවළක් සිය අත්දැකීම් මෙන්ම එම අවස්ථාවේ දැනුණු හැඟීම් පිළිබඳ විස්තර කර තිබෙනවා.

Read More »